slc
logo
Home   |    News
ජූලි 14, 2024
සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර එම පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම සමත්විය. ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරගයක ලකුණු සමවී සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය 6 වැනි තරගය ලෙසින් අද අද තරගය නිමාවට පත්වූයේ ගෝල් මාවල්ස් පිලට මෙවර තරගාවලියේ 5 වැනි ජයග්‍රහණය හිමිකර දෙමිනි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු පන්දුවාරයට මුහුණ දුන් මාවල්ස් කණ්ඩායමට මහීෂ් තීක්ෂණ යවන ලද පන්දු 5 ඇතුළත කඩුලු 2 ක් දැවී යෑම නිසා ලබා ගත හැකි වූයේ ලකුණු 06 ක් පමණි. එම ලකුණු 6 න් ලකුණු 3 ක්ම වයිඩ් පන්දු ලෙස ඇදී ගිය අතර පිතිකරුවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ලකුණ 07 ක් වූ පහසු ඉලක්කය හඹා ගිය මාවල් පිතිකරුවෝ ඒ සදහා වැය කරන ලද්දේ නුවන් තුෂාර යවන ලද  පන්දු 4 ක් පමණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 149 ක් ලබා ගත් අතර එය හමා ගිය දඹුලු කණ්ඩායමට අවසන්  පන්දුවේදී ජයග්‍රහණය සදහා ලබා ගත යුතු වූයේ එක් ලකුණක් පමණි. එහෙත් පන්දුවට පහර දුන් නායක මොහොමඩ් නබී දුවද්දී දැවී යෑමකට හසුව තරගය ලකුණු සමවූ තරගයක් ලෙසින් නිමාවට පත්විය. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අගනා පිතිහරමයක නියැළුණු රීසා හෙන්රික්ස් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 72 ක් රැස් කරමින් කණ්ඩායමට දිරි දුන්නේය.

මොහුගේ පිතිහරඹය නිසාම අවසන් පන්දුවාරයේ ඉලක්කය ලකුණු 08 ක් බවට පත් වුවත් තෙවැනි පන්දුවේදී හෙතම දැවී නොයන්නට සුපිරි පන්දුවාරය දක්වා තරගය නොයනු අනුමානය. දඹුලු පිල ලකුණු 148 කට සීමා කිරීම වෙනුවෙන් දුෂාන් හේමන්ත, නුවන් ප්‍රදීප් සහ මොහොමඩ් නබී කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කරන ලද්දේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් වන අතර ඔහු පන්දු 26 කදී ලකුණු 38 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව ටිම් සීෆර්ට් ලකුණු 23 ක් ලබා ගත්තේය.

ගෝල් මාවල්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 148 යි

ඇලෙක්ස් හේල්ස් 38, ටිම් සීඨර්ට් 23, සහන් ආරච්චි 15, ඩ්වේන් ප්‍රි ටෝරියස් 16, මොහොමඩ් නබී 14/2, දුෂාන් හේමන්ත 19/2, නුවන් ප්‍රදීප් 42/2

දඹුල්ල සික්සර්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 148 යි

රීසා හෙන්රික්ස් 72, ඊබ්‍රහිම් සද්‍රාන් 30, මොහොමඩ් නබී 25, මහීෂ් තීක්ෂණ 26/3

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee