slc
logo
Home   |    News
ජූලි 14, 2024
සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි

sinhala editor

By Chamila Karawita

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර එම පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ගෝල් මාවල්ස් කණ්ඩායම සමත්විය. ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තරගයක ලකුණු සමවී සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය 6 වැනි තරගය ලෙසින් අද අද තරගය නිමාවට පත්වූයේ ගෝල් මාවල්ස් පිලට මෙවර තරගාවලියේ 5 වැනි ජයග්‍රහණය හිමිකර දෙමිනි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු පන්දුවාරයට මුහුණ දුන් මාවල්ස් කණ්ඩායමට මහීෂ් තීක්ෂණ යවන ලද පන්දු 5 ඇතුළත කඩුලු 2 ක් දැවී යෑම නිසා ලබා ගත හැකි වූයේ ලකුණු 06 ක් පමණි. එම ලකුණු 6 න් ලකුණු 3 ක්ම වයිඩ් පන්දු ලෙස ඇදී ගිය අතර පිතිකරුවන්ට රැස් කර ගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ලකුණ 07 ක් වූ පහසු ඉලක්කය හඹා ගිය මාවල් පිතිකරුවෝ ඒ සදහා වැය කරන ලද්දේ නුවන් තුෂාර යවන ලද  පන්දු 4 ක් පමණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 149 ක් ලබා ගත් අතර එය හමා ගිය දඹුලු කණ්ඩායමට අවසන්  පන්දුවේදී ජයග්‍රහණය සදහා ලබා ගත යුතු වූයේ එක් ලකුණක් පමණි. එහෙත් පන්දුවට පහර දුන් නායක මොහොමඩ් නබී දුවද්දී දැවී යෑමකට හසුව තරගය ලකුණු සමවූ තරගයක් ලෙසින් නිමාවට පත්විය. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අගනා පිතිහරමයක නියැළුණු රීසා හෙන්රික්ස් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 72 ක් රැස් කරමින් කණ්ඩායමට දිරි දුන්නේය.

මොහුගේ පිතිහරඹය නිසාම අවසන් පන්දුවාරයේ ඉලක්කය ලකුණු 08 ක් බවට පත් වුවත් තෙවැනි පන්දුවේදී හෙතම දැවී නොයන්නට සුපිරි පන්දුවාරය දක්වා තරගය නොයනු අනුමානය. දඹුලු පිල ලකුණු 148 කට සීමා කිරීම වෙනුවෙන් දුෂාන් හේමන්ත, නුවන් ප්‍රදීප් සහ මොහොමඩ් නබී කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කරන ලද්දේ ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් වන අතර ඔහු පන්දු 26 කදී ලකුණු 38 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව ටිම් සීෆර්ට් ලකුණු 23 ක් ලබා ගත්තේය.

ගෝල් මාවල්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 148 යි

ඇලෙක්ස් හේල්ස් 38, ටිම් සීඨර්ට් 23, සහන් ආරච්චි 15, ඩ්වේන් ප්‍රි ටෝරියස් 16, මොහොමඩ් නබී 14/2, දුෂාන් හේමන්ත 19/2, නුවන් ප්‍රදීප් 42/2

දඹුල්ල සික්සර්ස් පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 148 යි

රීසා හෙන්රික්ස් 72, ඊබ්‍රහිම් සද්‍රාන් 30, මොහොමඩ් නබී 25, මහීෂ් තීක්ෂණ 26/3

 

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

USD United States (US) dollar