slc
logo
Home   |    News
ජූලි 24, 2024
චමරි සහ විශ්මි ශ්‍රී ලංකාව දිනවති

sinhala editor

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ තායිලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගිවූ තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (24 දා) රාත්‍රියේ සමත්විය. මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදි ‘බි‘ කාණ්ඩයේ අපරාජිතව අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් තායිලන්ත කණ්ඩායම ලබා දුන් ලකුණු 94 ක ඉලක්කය හඹා ගිය තායිලන්තය පන්දුවාර 11.3 කදී කිසිවකු නොදැවී රැස් කර ගැනීමට සමත්විය. එ් වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 49 ක්ද විෂ්මි ගුණරත්න පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 39 ක්ද රැස් කිරීමට සමත්වූහ.

මෙම තරගයේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම ඉතා ඉහළ මට්ටමක පැවැති අතර, පන්දු රැකීමට නොදැවෙනි පන්දු යැවීම හමුවේ තායිලන්ත කණ්ඩායමට පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි. මෙහිදී වැඩිම ලකුණු ලාභිණිය වූයේ නායිකා නානාපත් කොචරොන්කායි වන අතර ඇය පන්දු 53 කදී නොදැවී ලකුණු 47 ක් ලබා ගත්තාය.

පන්දු යැවීමේදී වැඩිම කඩුලු ලාභිණිය වූයේ කවීෂා දිල්හාරි වන අතර ඇය පන්දුවාර 4 කදී ලකුණු 13 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවා ගත්තාය. ඊට අමතරව ලෝක විස්සයි-20 පන්දු යවන්නියන් අතර සිව්වැනි ස්ථානයේ පසුවන ඉනෝෂි ප්‍රියදර්ශනී, චමරි අතපත්තු, අචිනි කුලසූරිය සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්හ. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ නායිකා චමරි අතපත්තු විසින් දිනා ගත්තාය.

තායිලන්තය පන්දුවාර 20 කදී කඩුලු 7 කට ලකුණු 93 යි

නානාත් කොචොරොන්කායි 47*, කවීෂා දිල්හාරි 13/2

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 11.3 කදී කිසිවකු නොදැවී ලකුණු 94 යි

චමරි අතපත්තු 49*, විශ්මි ගුණරත්න 39*

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee