slc
logo
Home   |    News
ජූලි 1, 2024
යූත් ලීිග් ක්‍රිකට් ශූරතාව කොළඹ උතුර සන්තකයට

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුරු පිල අද (01 දා) පස්වරුවේ සමත්විය. කොළඹ එස්එස්සී පිටියේ පැවැති කොළඹ උතුර හා කොළඹ දකුණ කණ්ඩායම් අතර අවසන් මහා තරගයේදී කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට‍  කොළඹ උතුර ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගාවලියේ මුලික වටයේදී සහභාගීවූ තරග තුනෙන්ම ජය ලබා සිටි කොළඹ දකුණු පළාත් පිල මෙම අවසන් තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කොළඹ උතුර පිලට ආරාධනා කළ හෙයින් ඔවුහූ සියලු දෙනා දැවී ලකුණු 123ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණ කණ්ඩායම ලකුණු 115කට සීමා කිරීමට කොළඹ උතුර පිලේ පන්දු යවන්නෝ සමත් වූහ. යෙනුල දුෂන්ත කඩුලු 3ක් හා කවීෂ මෙන්ඩිස්, විශ්ව ධනංජය හා ඉනුක කරන්නාගොඩ කඩුලු 2ක බැගින් බිදහෙලා දස්කම් දැක්වූහ. කොළඹ උතුර පිල වෙනුවෙන් තනූජ රාජපක්ෂ ලකුණු 38ක් ලබා මෙම අවසන් තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.

මෙවර අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග 4කදී අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 242ක් රැස්කළ ගාල්ල පිලේ රන්දුල් සමරහේවා පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටියේය. පන්දු යවන්නන් අතුරින් තරග 3කදී කඩුලු 9ක් බිදහෙලාගත් දකුණු පළාත් පිලේ සහන් කෞෂල්‍ය ඉදිරියට පැමිණියේය.

පන්දු යැවීමේදී ලකුණු 16 කට කඩුලු 3 ක් බිඳ හෙලූ යෙනුල දුෂන්ත අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට එම ශූරතා කුසලාන සමග මුදලින් රුපියල් 50,000 ක මුදලක් හිමිවිය. මෙම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 3 කදී කඩුලු 09 ක් බිඳ හෙළූ කොළඹ දකුණු කණ්ඩායමේ සහන් කෞෂල්‍යයද දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ලකුණ් 180 ක් ලද ගාල්ල කණ්ඩායමේ දර්ශක සංදීප් සම්මාන දිනාගත්හ. මොවුන් දෙදනොටම මුදලින් රු. 50,000 ක් සහ එම කුසලාන පිරිනැමිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධාන කමිටු සාමාජික ඩිලාන් පොලොන්නෝවිට මහතාගේ සහභාගිත්වයෙන් තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ වීරයා සම්මානය සහ ඒ සඳහා පිරිනැමෙන රු. 75,000 ක මුදල දිනා ගන්නා ලද්දේ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 4 කදී ලකුණු 242 ක් ලබා ගත් රන්දුල් සමරහේවා විසිනි. තරගාවලියේ ශූරතාව සඳහා ශූරතා කුසලාන සමඟ රු. ලක්ෂ 5 ක් ද අනුශූරතාව සඳහා රු. ලක්ෂ 3 ක මුදලක්ද පිරිනැමිණ.

කොළඹ උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 123 (ඕවර් 29.3) – තනූජ රාපක්ෂ 38, කිත්ම විදානපතිරණ 16, ඉනෝෂ් ජෙලෝන් 12, යොහාන් ප්‍රනාන්දු 17, අතිරේක 18 (රසික දිල්ෂාන් 34/2, උෂේන් සත්සර 7/3, අචල පෙරේරා 17/2)

කොළඹ දකුණ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 115 (ඕවර් 30) – ගවිරු සංකෙත් 24, රිවිත් ජයසූරිය 28, අක්ෂ ප්‍රනාන්දු 25, අචල පෙරේරා නොදැවී 11, අතිරේක 10 (යෙනුල දුෂන්ත 16/3, කවීෂ මෙන්ඩිස් 39/2, විශ්ව ධනංජය 32/2,ඉනුක කරන්නාගොඩ 19/2)

අවසන් මහ තරගයේ වීරයා වූ යෙනුල දෙව්තුෂ සම්මාන ලබාගනිමින්

දක්ෂතම පිතිකරුවා වූ දර්ශක සංදීප් සම්මාන ලබා ගනිමින්.

තරගාවලියේ වීරයා වූ රන්දුල් සමරහේවා සම්මාන ලබාගනිමින්.

දක්ෂතම පන්දු යවන්නා වූ සහන් කෞෂල්‍යය

අනුශූරතාවයට පත් කොළඹ දකුණ කණ්ඩායම

 

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee