slc
logo
Home   |    News
ජූලි 1, 2024
යූත් ලීිග් ක්‍රිකට් ශූරතාව කොළඹ උතුර සන්තකයට

sinhala editor

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා මැන බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ උතුරු පිල අද (01 දා) පස්වරුවේ සමත්විය. කොළඹ එස්එස්සී පිටියේ පැවැති කොළඹ උතුර හා කොළඹ දකුණ කණ්ඩායම් අතර අවසන් මහා තරගයේදී කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට‍  කොළඹ උතුර ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගාවලියේ මුලික වටයේදී සහභාගීවූ තරග තුනෙන්ම ජය ලබා සිටි කොළඹ දකුණු පළාත් පිල මෙම අවසන් තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට කොළඹ උතුර පිලට ආරාධනා කළ හෙයින් ඔවුහූ සියලු දෙනා දැවී ලකුණු 123ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණ කණ්ඩායම ලකුණු 115කට සීමා කිරීමට කොළඹ උතුර පිලේ පන්දු යවන්නෝ සමත් වූහ. යෙනුල දුෂන්ත කඩුලු 3ක් හා කවීෂ මෙන්ඩිස්, විශ්ව ධනංජය හා ඉනුක කරන්නාගොඩ කඩුලු 2ක බැගින් බිදහෙලා දස්කම් දැක්වූහ. කොළඹ උතුර පිල වෙනුවෙන් තනූජ රාජපක්ෂ ලකුණු 38ක් ලබා මෙම අවසන් තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.

මෙවර අවුරුදු 19න් පහළ යූත් ලීිග් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග 4කදී අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 242ක් රැස්කළ ගාල්ල පිලේ රන්දුල් සමරහේවා පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටියේය. පන්දු යවන්නන් අතුරින් තරග 3කදී කඩුලු 9ක් බිදහෙලාගත් දකුණු පළාත් පිලේ සහන් කෞෂල්‍ය ඉදිරියට පැමිණියේය.

පන්දු යැවීමේදී ලකුණු 16 කට කඩුලු 3 ක් බිඳ හෙලූ යෙනුල දුෂන්ත අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට එම ශූරතා කුසලාන සමග මුදලින් රුපියල් 50,000 ක මුදලක් හිමිවිය. මෙම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස තරග 3 කදී කඩුලු 09 ක් බිඳ හෙළූ කොළඹ දකුණු කණ්ඩායමේ සහන් කෞෂල්‍යයද දක්ෂතම පිතිකරුවා ලෙස තරග 4 කදී ලකුණ් 180 ක් ලද ගාල්ල කණ්ඩායමේ දර්ශක සංදීප් සම්මාන දිනාගත්හ. මොවුන් දෙදනොටම මුදලින් රු. 50,000 ක් සහ එම කුසලාන පිරිනැමිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග සංවිධාන කමිටු සාමාජික ඩිලාන් පොලොන්නෝවිට මහතාගේ සහභාගිත්වයෙන් තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානයේදී තරගාවලියේ වීරයා සම්මානය සහ ඒ සඳහා පිරිනැමෙන රු. 75,000 ක මුදල දිනා ගන්නා ලද්දේ ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් තරග 4 කදී ලකුණු 242 ක් ලබා ගත් රන්දුල් සමරහේවා විසිනි. තරගාවලියේ ශූරතාව සඳහා ශූරතා කුසලාන සමඟ රු. ලක්ෂ 5 ක් ද අනුශූරතාව සඳහා රු. ලක්ෂ 3 ක මුදලක්ද පිරිනැමිණ.

කොළඹ උතුර පිල සියලු දෙනා දැවී ලකුණු 123 (ඕවර් 29.3) – තනූජ රාපක්ෂ 38, කිත්ම විදානපතිරණ 16, ඉනෝෂ් ජෙලෝන් 12, යොහාන් ප්‍රනාන්දු 17, අතිරේක 18 (රසික දිල්ෂාන් 34/2, උෂේන් සත්සර 7/3, අචල පෙරේරා 17/2)

කොළඹ දකුණ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 115 (ඕවර් 30) – ගවිරු සංකෙත් 24, රිවිත් ජයසූරිය 28, අක්ෂ ප්‍රනාන්දු 25, අචල පෙරේරා නොදැවී 11, අතිරේක 10 (යෙනුල දුෂන්ත 16/3, කවීෂ මෙන්ඩිස් 39/2, විශ්ව ධනංජය 32/2,ඉනුක කරන්නාගොඩ 19/2)

අවසන් මහ තරගයේ වීරයා වූ යෙනුල දෙව්තුෂ සම්මාන ලබාගනිමින්

දක්ෂතම පිතිකරුවා වූ දර්ශක සංදීප් සම්මාන ලබා ගනිමින්.

තරගාවලියේ වීරයා වූ රන්දුල් සමරහේවා සම්මාන ලබාගනිමින්.

දක්ෂතම පන්දු යවන්නා වූ සහන් කෞෂල්‍යය

අනුශූරතාවයට පත් කොළඹ දකුණ කණ්ඩායම

 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee