slc
logo
Home   |    News
ජූලි 18, 2024
එංගලන්ත යෞවනයේ ලකුණු 248ක් ඉදිරියෙන්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර,චෙල්ටන්හෑම් හි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ අද දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත යෞවනයේ ලකුණු 248කින් ඉදිරියෙන් සිටියහ.

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් පිල පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 401ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකය ගයන වීරසිංහ එක්කළ අතර, ඔහු මිනිත්තු 180ක කාලයක් කඩුලුලේ රැදී සිට පන්දු 111කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමඟ ලකුණු 77ක් ලබා ගත්තේය. එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පන්දු යවන්නා වූ නව්‍යා ෂර්මා කඩුලු 5ක් බිඳහෙලීමට සමත් වූවේය.

එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරු ජෙයඩන් ඩෙන්ලි ලකුණු 91ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා සම්බවයක් ඇති කේෂන ෆොන්සේකා ලකුණු 76කට දැවී ගියේය. හම්ෂා ෂායික් පන්දු 211කට මුහුණදී හයේ 2ක් හා හතරේ 11ක් සමඟ ලකුණු 107ක් එක්කළ අතර, හිටපු වේග පන්දු යැවූ ඇන්ඩෘ ෆ්ලින්ටෝෆ්ගේ පුතු රොකී ෆ්ලින්ටොෆ් නොදැවී ලකුණු 82ක් ලබා සිටී. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතුරින් මංජුල චන්තුක ලකුණු 59කට කඩුලු 2ක් බිදහෙලූ අතර, දිනුර කළුපහන, විහස් තෙව්මික, හා ප්‍රවීන් මනීෂ කඩුල්ල බැගින් බිඳහෙලූහ.

අද (18)තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා යොවුන් පිල ඵළමු ඉනිමට ලකුණු 324 (ඕවර් 85.4)

ගයන වීරසිංහ 77, දිනුර කළුපහන 16, දිනුර අබේවික්‍රමසිංහ 12, අතිරේක 15 ( එන්. ෂර්මා 44/5, හැරී මෝර් 38/2, චාලි බර්නාඩ් 35/2)

එංගලන්තයොවුන් පිල කඩුලු 5 කට ලකුණු 401 යි

ජෙයඩන් ඩෙන්ලි 91, කේෂණ ෆොන්සේකා 76, හම්ෂා ෂායික් 107, රොකී ෆ්ලින්ටොෆ් නොදැවී 82, අතිරේක 17 ( දිනුර කළුපහන 86/1, විහස් තෙව්මික 66/1, මංජුල චන්තුක 59/2, ප්‍රවීන් මනීෂ 86/1

Active filters

Recent Posts

  • ඉන්දීය යෞවනයෝ අභියෝගය භාර ගනිති
    ඉ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය පළමු […]
  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee