සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්ත පිල අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දිනක් ඉතිරිව තිබියදීම කඩුලු 5ක ජයක් ලබා ගැනීමට එංගලන්ත පිල සමත් විය. ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 204ක ඉලක්කය හඹා ගිය එංගලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස එංගලන්තය ඉදිරියට පැමිණියේය. ජයග්‍රහණයේ නියමුවන් වූ ජෝ රූට් නොදැවී ලකුණු 62ක් ලබාගත් අතර, ජෙමී ස්මිත් ලකුණු 39ක් ලබා ගත්තේය. අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙක බැගින් බිද හෙලුවද එංගලන්ත ජයග්‍රහණය වලක්වාලීමට නොහැකි විය. ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී සියලු දෙනා ලකුණු 326කට දැවී ගියේය. එංගලන්තය පළමු ඉනිමේ ලකුණු 358ක් ලබාගත් අතර, කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 236කට සීමාවූ හෙයින් එංගලන්තය පළමු ඉනිමේ ලකුණු 122ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී මෙන් දෙවැනි ඉනිමේදී ද මුල් පෙළ කඩා වැටී අපහසුතාවට පත්වෙද්දී මැද පෙළ ශක්තිමත් කරමින් දිනේෂ් චන්දිමාල් හා කමිඳු මෙන්ඩිස් 7 වැනි කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ගොඩ නැඟීමෙන් ලකුණු පුවරුවට ජීවයක් ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් ටෙස්ට් තරග 4කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් තම තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීම කැපී පෙණුනි. වසර දෙකක් වැනි කෙටි කලක් තුල ටෙස්ට් ලකුණු 553ක් රැස්කළ කමිඳු එංගලන්තයට එරෙහිව පන්දු 183කදී හයේ පහරක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු 113ක් වාර්තා කළේය. දිනේෂ් චන්දිමාල් තම 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 118කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 79ක් සටහන් කරමිනි. කෙසේ වුවද එංගලන්තයට හිසරදයක්ව සිටි කමිඳු මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු ලකුණු 19කට ඉතිරි කඩුලු 3ම දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. පළපුරුදු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් හා කමිඳු මෙන්ඩිස් එක්ව පන්දු 152කදී ලකුණු 78ක සබඳතාවක් හා මැතිව්ස් - දිමුත් එක්ව පන්දු 69කදී ලකුණු 51ක සබඳතාවක් ගොඩනැඟීමෙන් පෙරදා ශ්‍රී ලංකා ඉනිමේ ගොඩනැඟුණ සබඳතා වේ. ඇන්ජලෝ මැතිව්ස් සිය 42 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, පන්දු 145කදී හයේ පහරක් හා හතරේ 2ක් සමඟ ලකුණු 65ක් වාර්තා විය. එංගලන්ත පන්දු යවන්නන් අතුරින් කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රිස් වෝකර්ස් හා මැතිව් පොට් කඩුලු 3 බැගින් බිඳහෙලූ අතර, කමිඳු මෙන්ඩිස් හා කුසල් මෙන්ඩිස්ගේ කඩුලු දෙක දවා ගැනීමට ගස් ඇට්කින්සන් සමත් වූවේය. ශ්‍රී ලංකාව පළමු ඉනිම නිශාන් මධුෂ්ක ඇ.රූට් ප.වෝක්ස් 04 දිමුත් කරුණාරත්න ඇ.ස්මිත් ප.ඇට්කින්සන් 02 කුසල් මෙන්ඩිස් ඇ.බෘෘක් ප.වුඩ් 24 ඇන්ජලෝ මැතිව්ස් ක.මු.ක. ප.වෝක්ස් 00 දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප.බෂීර් 17 ධනංජය ද සිල්වා ඇ.ලෝරන්ස් ප.බෂීර් 74 කමිඳු මෙන්ඩිස් ඇ.ස්මිත් ප.වෝක්ස් 12 ප්‍රභාත් ජයසූරිය ඇ.ස්මිත් ප.ඇට්කින්සන් 10 මිලාන් රත්නායක ඇ.වෝක්ස් ප.බෂීර් 72 විශ්ව ප්‍රනාන්දු දුවද්දි දැවී ගියා 13 අසිත ප්‍රනාන්දු නොදැවී 00 අතිරේක 08 එකතුව ඕවර් 74කදී සියලු දෙනා දැවී 236 කඩුලු බිඳ වැටීම: 1 - 6, 2 - 6, 3 - 6, 4 - 40, 5 - 72, 6 - 92, 7 - 113, 8 - 176, 9- 226, 10 - 236 පන්දු යැවීම: වෝක්ස් 11-3-32-3, ඇට්කින්සන් 16-3-48-2, පොට්ස් 9-0-48-0, වුඩ් 8-0-31-1, බෂීර් 23-4-55-3, රූට් 7-2-18-0. එංගලන්ත පළමු ඉනිම බෙන් ඩකට් ක. මුවා කළා. ප. අසිත ප්‍රනාන්දු 18 ඩෑන් ලෝරන්ස් ඇ. චන්දිමාල් ප. විශ්ව ප්‍රනාන්ද 30 ඔලී පොප් ප. අසිත ප්‍රනාන්දු 06 ජෝ රූට් ඇ. චන්දිමාල් ප. අසිත ප්‍රනාන්දු 42 හැරී බෘෘක් ප. ජයසූරිය 56 ජෙමී ස්මිත් ඇ. චන්දිමාල් ප. ජයසූරිය 111 ක්‍රිස් වෝකස් ප. ජයසූරිය 25 ගස් ඇට්කින්සන් ඇ. චන්දිමාල් ප. රත්නායක 20 මැතිව් බොට්ස් ඇ. කමිඳු මෙන්ඩිස් ප. විශ්ව ප්‍රනාන්දු 17 මාර්ක් වුඩ් ප. අසිත ප්‍රනාන්දු 22 ෂොයිබ් බසීර් නොදැවී 03 අතිරේක 08 එකතුව ඕවර් 85.3කදී සියලු දෙනා දැවී 358 කඩුලු බිඳ වැටීම: 1 - 30, 2 - 40, 3 - 67, 4 - 125, 5 - 187, 6 - 239, 7 - 305, 8 - 315, 9 - 348, 10 - 358 පන්දු යැවීම: ධනංජය 2 - 0 - 14 - 0, ජයසූරිය 31 - 5 - 85 - 3, අසිත ප්‍රනාන්දු 18 - 0 - 10-3 - 4, විශ්ව ප්‍රනාන්දු 19.3 - 1 - 73 - 2, මිලාන් රත්නායක 13 - 0 - 66 - 1, කමිඳු මෙන්ඩිස් 2 - 0 - 13 - 0 ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම නිශාන් මධුෂ්ක ප.වෝක්ස් 00 දිමුත් කරුණාරත්න ඇ.බෘෘක් ප.වුඩ් 27 කුසල් මෙන්ඩිස් ඇ. ස්මිත් ප. ඇට්කින්සන් 00 ඇන්ජලෝ මැතිව්ස් ඇ. පොට්ස් ප. වෝක්ස් 65 දිනේෂ් චන්දිමාල් ඇ. හැරී සිං ප. පොට්ස් 79 ධනංජය ද සිල්වා ක. මුවා. කළා ප. පොට්ස් 11 කමිඳු මෙන්ඩිස් ඇ. රූට්ස් ප. ඇට්කින්සන් 113 මිලාන් රත්නායක ඇ. ඩකට් ප. රූට් 10 ප්‍රභාත් ජයසූරිය ඇ. බෘෘක් ප. පොට්ස් 05 විශ්ව ප්‍රනාන්දු ක. මුවා. කළා ප. වෝක්ස් 00 අසිත ප්‍රනාන්දු නොදැවී 00 අතිරේක 16 එකතුව ඕවර් 89.3කදී සියලු දෙනා දැවී 326 කඩුලු බිඳ වැටීම: 1 - 0, 2 - 1, 3 - 52, 3 - 74, 4- 95, 5- 173, 6 - 190, 7 - 307, 8 - 321, 9 - 322, 10 - 326 පන්දු යැවීම: වෝක්ස් 22 - 6 - 58 - 3, ඇට්කින්සන් 17 - 2 - 89 - 2, බෂීර් 20 - 0 - 77 - 0, වුඩ් 10. 2 - 1 - 36 - 1, පොට්ස් 17.3 - 4 - 47 - 3, රූට් 0.4 - 0 - 5 - 1, ලෝරන්ස් 1 - 0 - 5 - 0 එංගලන්ත දෙවැනි ඉනිම බෙන් ඩකට් ඇ. කුසල් මෙන්ඩිස් ප. අසිත ප්‍රනාන්දු 11 ඩෑන් ලෝරන්ස් ක. මුවා. කළා ප. රත්නායක 34 ඔලී පොප් ඇ. සිල්වා ල. ජයසූරිය 06 ජෝ රූට් නොදවී 62 හැරී බෘෘක් ඇ සහ ප. ජයසූරිය 32 ජෙමී ස්මිත් ප. අසිත පුනාන්දු 39 ක්‍රිස් වෝකස් නොදැවී 08 අතිරේක 13 එකතුව ඕවර් 57.2කදී කඩුලු 5ක් දැවී 205 කඩුලු බිඳ වැටීම: 1 - 34, 2 - 56, 3 - 70, 4 - 119, 5 - 183 පන්දු යැවීම: විශ්ව ප්‍රනාන්දු 8 - 0 - 46 - 0, අසිත ප්‍රනාන්දු 12 - 1 - 25 - 2, ප්‍රභාත් ජයසූරිය 25.2 - 4 - 98 - 2, මිල්නා රත්නායක 12 - 0 31 - 1
අගෝස්තු 25, 2024
එංගලන්තයට කඩුලු 5කජයක්