slc
logo
Home   |    News
අගෝස්තු 16, 2024
එංගලන්ත ලයන්ස් පිල ලකුණු 185 කින් ඉදිරියට

sinhala editor

එංගලන්තට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි එකම සිව්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (15 දා) ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරන ලද ලකුණු 139 ට පිළිතුරු ලෙස එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ සියලු දෙනා දැවී ලකුණු 324 ක් ලබා ගැනීමට මසත්විය. ඒ අනුව දෙවැනි ඉනිම ආරම්භයට පෙර ලයන්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 185 ක් ඉදිරියෙන් පසුවෙති.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් අවම එංගලන්ත් ලයන්ස් කණ්ඩායමට එරෙහිව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වන්නට සිදුව තිබේ. එසේ වන්නට නම් ඔවුන් ඉදිරි දින 2 ක ඇතුළතදී ලකුණු 185 කට වඩා ලබා ගත යුතුවනු ඇත.

ලයන්ස් කණ්ඩායමේ සමාන් අක්ටර්ගේ ලකුණු 32 කට කඩුලු 5 ක දක්ෂතාව ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන්  පන්දුවාර 43.5 කදී ලකුණු 139 කට සීමාවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පිතිකරුවකු හෝ ලකුණු 30 සීමා ඉක්මවාලීමට අසමත් වෙද්දී පළමු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කළ ලයන්ස් කණ්ඩායම පළමු දිනය අවසන් වන විටම ලකුණු 06 කින් පෙරමුණට පැමිණීමට සමත්වූයේ තවත් කඩුලු 6 ක් අත දරාගනිමිනි.

පළමු දිනයේ දැවී ගිය කඩුලු 4 න් කඩුලු 3 ක් තමන් සතු කරගත් ප්‍රභාත් ජයසූරිය දෙවැනි දිනයේදී තවත් කඩුලු 2 ක් දවා ගනිමින් තම ලකුණු 102 කඩුලු 5 ක් දක්වමින්  පන්දුවෙන් දස්කම් දැක්වීය. ඔහු ලයන්ස් ඉනිමේ පළමු කඩුලු 5 ම දවා ගැනීම කැපී පෙනිණ. ඔහුට අමතරව කුසන් රාජිත ලකුණු 51 කට කඩුලු 2 ක් දවා ගත් නමුත් අනෙක් වේග පන්දු යවන්නන් වූ ළහිරු කුමාර සහ මිලාන් රත්නායක එක කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

ලයන්ස් පළමු ඉනිම වෙනුවෙන් හම්සා ශෙයික් හතරේ පහර 7 ක් සමගින් ලකුණු 91 ක් ද කේසි ඇල්ඩ්‍රිජ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 78 ක්ද රැස් කරමින් ලයන්ස් ඉනිම පෝෂණය කළහ.

Active filters

Recent Posts

  • ක්‍රිකට් යෞවනියෝ ලෝක කුසලානයේ සුපිරි හයට
    බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 81කින් පරාජය කොට විශිෂ්ට කණ්ඩායම් දක්‍ෂතාවක් දැක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනා‍ගේ වටයට අද […]
  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee