slc
logo
Home   |    News
අගෝස්තු 9, 2024
ගෝල් බාළිකාවන්ට තවත් පහසු ජයග්‍රහණයක්

sinhala editor

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (08) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ගෝල් කණ්ඩායම මේ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය පහසුවෙන්ම අත්කර ගත්තේ ලකුණු 49කින් කැන්ඩි 19න් පහළ බාලිකා කණ්ඩායම පරාජය කරමිනි.
ගෝල් කණ්ඩායමේ ප්‍රථම දින අර්ධ ශතක ලාභිනිය වු හිරුණි හංසිකා අද පන්දු 38කදී හතරේ තුනක් හයේ පහරක් සමඟ ලකුණු 35ක් ලබා සිටිය දී දුවද්දී දැවීමට හසුව දැවී ගියාය. එම කණ්ඩායමේ සංජානා කාවිඳි පන්දු 44කදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුවාය. පන්දු යැවීමේදී කැපී පෙනුණු ගෝල් කණ්ඩායමේ ෂෙහාරා ඉඳුවර ලකුණු 23කට දවාලු කඩුලු සංඛ්‍යාව හතරකි.
දඹුල්ල සහ කළම්බු අතර මෙදින උදෑසන පැවැති තරගයේ දී කළම්බු පන්දු හතරක් ඉතිරිව තිබිය දී ජයගනු ලැබුවේ කඩුලු හතරකිනි. මෙය කළම්බු කණ්ඩායම මේ තරගාවලියේ ලත් ප්‍රථම ජයග්‍රහණයයි.
කළම්බු වෙනුවෙන් උමායා රත්නායක නොදැවී 31ක් ද හසිනි විජේසිංහ ලකුණු 23ක් ද විශ්මි සොයිසා ලකුණු 21ක් ද දිනිති නාගසිංහ ලකුණු 17කට කඩුලු දෙකක් ද දවාලමින් දක්ෂතා දැක්වීමට සමත් වුහ.
• කොළඹ අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 4කින් දඹුල්ල 19න් පහළ කණ්ඩායම පරාජය කරයි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු පහකට රැස් කළ ලකුණු 111ට පිළිතුරු ලෙස කොළඹ ඕවර 19.2කදී කඩුලු හයකට ලකුණු 114ක් රැස් කරමින් කඩුලු හතරක ජයක් ලැබීය.
දඹුල්ල පන්දුවට පහර දෙද්දී හොඳම සබඳතාවය වාර්තා වුයේ ප්‍රථම කඩුල්ලට නෙත්මි උපේක්ෂා සහ ෂයනි තෙන්නකෝන් ප්‍රථම කඩුල්ලට ඕවර 6.3කදී ලකුණු 37ක් රැස් කිරීමෙනි. මීට අමතරව තෙවන කඩුල්ලට මිහිණි ඕවින්දි සහ නෙත්මි උපේක්ෂා එක් කළ ලකුණු 28 කණ්ඩායමේ දෙවන හොඳම සබඳතාවය විය.
දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වු නෙත්මි උපේක්ෂා ලකුණු 30ක් ද (පන්දු 51යි හතරේ තුනයි) ධනෝද්‍යා සෙව්මිණි නොදැවී ලකුණු 18ක් ද (පන්දු 15යි හතරේ දෙකයි) නායිකාව තරුෂි උත්පලා ලකුණු 17ක් ද (පන්දු 15යි හතරේ දෙකයි) ෂයනි තෙන්නකෝන් ලකුණු 13ක් ද (පන්දු 12යි හතරේ පහර දෙකයි) රැස් කළහ.
කොළඹ කණ්ඩායමේ දක්ෂම පන්දු යැවීම වාර්තා වුයේ දිනිති නාගසිංහ ලකුණු 17කට කඩුලු දෙකක් දවාලීමෙනි.
ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට කොළඹ කණ්ඩායම පැමිණි අවස්ථාවේ පන්දු හතරක් ඉතිරිව තිබිය දී කඩුලු හයකට ලකුණු 114ක් රැස් කරමින් ඔවුන් ජය ලැබීය.
කොළඹ අංක හය පිතිකාරිණිය උමායා රත්නායක පන්දු 26කට මුහුණ දී හතරේ හතරක් සමඟින් නොදැවී ලකුණු 31ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුවාය. ඇය අංක හත පිතිකාරිණිය විශ්මි සොයිසා (ලකුණු 21යි පන්දු 21යි හතරේ පහරයි) සමඟ හයවන කඩුල්ලට ලකුණු 58ක් එක් කරමින් ජයග්‍රහණය අභියසටම කණ්ඩායම ගෙන ගියහ.
කොළඹ කණ්ඩායමේ නායිකාව හසිනි විජේසිංහ අංක තුන පිතිකාරිණිය ලෙස පිටියට පිවිස පන්දු 31කදී හතරේ තුනක් සමඟ ලකුණු 23ක් ලබා කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ලාභිනිය වුවාය.
ලකුණු විස්තරය
දඹුල්ල කඩුලු 5ට 111යි (ඕවර 20යි) – (නෙත්මි උපේක්ෂා 30, ධනෝධ්‍යා සෙව්මිණි නොදැවී 18, තරුෂි උත්පලා 17, ෂයනි තෙන්නකෝන් 13, මිහිණි ඕවින්දි 09, දිනිති නාගසිංහ 17/2, රශ්මිලා නිෂාදි 18/1, ලිම්මි තිලකරත්න 23/1යි)
කොළඹ කඩුලු 6ට 114යි (ඕවර 19.2යි) – (උමායා රත්නායක නොදැවී 31, හසිනි විජේසිංහ 23, විශ්මි සොයිසා 21, එරන්දි වර්ණකුලසූරිය 13, වගීෂා ජයවර්ධන 20/2, දිනුලි තෙන්නකෝන් 20/2, කේෂලි සනුලි 14/1, චලනි කවීෂා 19/1)
ගෝල් අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම ලකුණු 49කින් කැන්ඩි පරාජය කරයි.
ගෝල් 19න් පහළ බාලිකා කණ්ඩායම සිය ඕවර 20 අවසානයේ කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු 130ට පිළිතුරු ලෙස කැන්ඩි 19න් පහළ බාලිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු හතකට රැස් කළේ ලකුණු 81ක් පමණකි.
කැන්ඩි ලකුණු 131ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ඔවුනගේ පළමු කඩුලු හතර ලකුණු 30කටත් අවසාන කඩුලු තුන ලකුණු හතකටත් දැවීයාමෙන් කණ්ඩායමටම ලබා ගත හැකි වුයේ ලකුණු 81ක් පමණකි.
ගෝල් කණ්ඩායම පන්දුවට පහර දෙද්දී ප්‍රථම දිනයේ දී (07) මෙන්ම මෙදින ද ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා මෙදින ද ලකුණු අතරට පිවිසයේ සංජානා කවිඳි ලකුණු 43ක් ද හිරුණි හංසිකා ලකුණු 35ක් ද රැස් කරමිනි.
මොවුන් දෙදෙනා ප්‍රථම විකට්ටුවට ලකුණු 68ක් රැස් කරද්දී ප්‍රථම දින (07) අර්ධ ශතක ලාභිනිය හිරුණි හංසිකා දුවද්දී දැවීමට හසුව දැවී ගියේ ලකුණු 35කටය. (පන්දු 38යි හතරේ තුනයි හයේ පහරයි) සංජානා කවිඳි පන්දු 44කට මුහුණ දී හතරේ තුනක් සමඟින් ලකුණු 43ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වුවාය.
කැන්ඩි ලකුණු 131ක් හඹායද්දී මැදපෙළ පිතිකාරිණියන් වන ප්‍රමුදු මෙත්සර ලකුණු 19ක් ද (පන්දු 21යි හතරේ දෙකයි) සහ කවිෂ්කා අබේරත්න ලකුණු 15ක් ද (පන්දු 27යි හතරේ තුනයි) රැස් කළත් සෙසු පිතිකාරිණියට ලකුණු අතරට ඒමට අවස්ථාවක් නොලැබිණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගෝල් කණ්ඩායමේ ෂෙහාරා ඉඳුවර ලකුණු 23කට කඩුලු තුනක්ම දවාලීමට සමත් වුවාය.
ලකුණු විස්තරය
ගෝල් කඩුලු 5ට 130 (ඕවර 20යි) – ( සංජානා කවිඳි 43, හිරුණි හංසිකා 35, නෙතාංගි ඉසුරංජලී නොදැවී 22, ලක්නි නිම්සර නොදැවී 09, ප්‍රමුදු මෙත්සර 22/1, කවිෂ්කා අබේරත්න 18/1)
කැන්ඩි කඩුලු 7ට 81යි (ඕවර 20යි) – (ප්‍රමුදු මෙත්සර 19, කවිෂ්කා අබේරත්න 15, මිතාලි අයෝධ්‍යා 11, ෂෙහාරා ඉඳුවර 23/4, රශ්මිකා සෙව්වන්දි 13/1, රිස්මි සංජානා 10/1යි)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee