ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ස්පෝර්ට්ස් ෆියෙස්ටා ටී-10 තරගාවලියේ දෙවැනි දිනයද වර්ෂාව හේතුවෙන් එකම තරගයක් හෝ ක්‍රීඩා කිරීමට නොහැකි විය. ඒ කොළඹ තර්ස්ටන් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ කලම්බු සහ දඹුල්ල අතර තරගයත් කලම්බු සහ ගෝල් අතර තරගයත් බ්ලූම්ෆිල්ඩ් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ ජැෆ්නා සහ ගෝල් අතර තරගයත් දඹුල්ල සහ කැන්ඩි අතර තරගයත් අත හැර දීමට සිදුවිය.
මේ දක්වා පැවැත්වීමට නියමිත වූ තරග 8 ම වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය. කෙසේ වෙතත් මේ දක්වා තරගාවලියට එක්ව සිටි කණ්ඩායම් අතුරින් ගාල්ල කණ්ඩායමට සහභාගිවීමට නියමිතව තිබූ තරග 4 ම නිමාවට පත්ව තිබෙන අතර අනෙක් කණ්ඩායමකටම තරගය බැගින් ඉතිරිව තිබේ.
ඒ අනුව හෙට (18) දා පෙරරුවේ කලම්බු සහ කැන්ඩි අතර තරගයත් පස්වරුවේ දඹුල්ල සහ ජැෆ්නා අතර තරගයත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අවසන් මහ තරගයද හෙට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.