slc
logo
Home   |    News
අගෝස්තු 22, 2024
නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් කාලසටහන සංශෝධනය වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය එක්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) තරගාවලියේ තරග කාලසටහන සංශෝධනය වේ. එම සංශෝධනයට අනුව පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණොයේ පැවැත්වීමට නියමිතව තිබූ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ මස 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවන තරගාවලියට කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල හා යාපනය කණ්ඩායම් සහභාගී වෙති.

පළමු තරග දෙක මේ 27 වැනිදා ගාල්ල හා මහනුවර අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හා යාපනය – කොළඹ අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය ඔක්තෝබර් 6දා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එම ක්‍රීඩාංගණය ඉදිරියේදී දැනුම් දේ.

සංශෝධනයට ලක්වූ නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් නව තරග කාලසටහන මෙසේය:

අගෝස්තු 27දා ගාල්ල – මහනුවර (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
යාපනය – කොළඹ (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
අගෝස්තු 31දා කොළඹ – දඹුල්ල (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
මහනුවර – යාපනය (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
සැප්තැම්බර් 04දා දඹුල්ල – ගාල්ල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
කොළඹ – මහනුවර (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
සැප්තැම්බර් 08දා යාපනය – ගාල්ල (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
මහනුවර දඹුල්ල (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
සැප්තැම්බර් 12දා ගාල්ල – කොළඹ (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
දඹුල්ල – යාපනය (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
සැප්තැම්බර් 16දා මහනුවර – ගාල්ල (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
කොළඹ – යාපනය (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
සැප්තැම්බර් 20දා දඹුල්ල කොළඹ (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
යාපනය මහනුවර (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
සැප්තැම්බර් 24 දා ගාල්ල දඹුල්ල (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
මහනුවර කොළඹ (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
සැප්තැම්බර් 28 දා ගාල්ල – යාපනය (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
දඹුල්ල – මහනුවර (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
ඔක්තෝබර් 02 දා කොළඹ – ගාල්ල (ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)
යාපනය දඹුල්ල (හම්බන්තොට ක්‍රීඩාංගණයේදී)
ඔක්තෝබර් 06 දා අවසන් මහා තරගය (ක්‍රීඩාංගණය ඉදිරියේදී තීරණය කරනු ඇත)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee