slc
logo
Home   |    News
අගෝස්තු 21, 2024
මිලාන් රත්නායකට ටෙස්ට් වරම්

sinhala editor

.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක එංගලන්තයට එරෙහිව අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් එකොළොස්දෙනා තරග ආරම්භයට දිනකට පෙර කණ්ඩායම් කලමනාකාරීත්වය විසින් ප්‍රසිද්ධියට පත් කළ අතර ඒ අනුව රත්නායක හෙට තරගයේදී මංගල ටෙස්ට් හිස් වැස්ම පැළඳීමට නියමිතය. දකුණතින් වේග පන්දු යවන මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගනු ලබන 166 වැනි ක්‍රීඩකයා වනු ඇත.

28 හැවිරිදි වියේ පසුවන රත්නායක පිතිකරුවන් හත් දෙනෙකු සමගින් ක්‍රීඩා කරනු ලබන කණ්ඩායමේ තෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කරනු ඇත. සෙසු වේග පන්දු යවන්නන් ලෙසින් විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු ක්‍රීඩා කරති.

දේශීය තරග පිටියේ කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති මිලාන් පළමු පෙළ තරග 41 ක⁣ට ක්‍රීඩා කරමින් කඩුලු 80ක් දවා ගැනීමට සමත්ව සිටියි. රත්නායක මීට පෙර 2023 නවසීලන්ත සහ අයර්ලන්ත තරගමාලාව සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කළ නමුත් කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව නොලැබිණ. 

කෙසෞ වෙතත් එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට මිලාන්ව තෝරා ගැනීම යනු දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ දිගින් දිගටම ඔහු දක්වන ස්ථාවර දස්කම් සඳහා වූ ත්‍යාගයක් ලෙසින්  සැලකිය හැක.

පසුගියදා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමග පැවති පෙරහුරු තරගය කඩුලු ශ්‍රී ලංකාව කඩුලු  7කින් පරාජයට පත් වූ බැවින් හෙට තරගය ඔවුන්ට දැඩි අභයෝගයක් බවට පත්වනු නොඅනුමානය. ශ්‍රී ලංකාව 2014 වසරේ ජුනි මාසයෙන් පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක් ලබා නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න

නිශාන් මධුෂ්ක

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

ධනංජය ද සිල්වා (නායක)

කමිඳු මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

අසිත ප්‍රනාන්දු

විශ්ව ප්‍රනාන්දු

මිලාන් රත්නායක

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee