එංගලන්තයට එරෙහිව ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගය සඳහා පැතුම් නිස්සංකගේ සේවය ලබා ගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වයේ තීරණය වී තිබේ. පැතුම්ගේ පැමිණීමත් සමඟ කුසල් මෙන්ඩිස්ට මෙම තරගයේදී සිය ස්ථානය අහිමිව යනු ඇත.
දෙවැනි ටෙස්ට් තරගයට පැය 24 කට ඉහතදී ක්රීඩා කිරීමට නියමිත අවසන් ක්රීඩකයින් 11 දෙනා ප්රකාශයට පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් පියවර ගනු ලැබූ අතර එහිදී පළමු ටෙස්ට් තරගයට ක්රීඩා කරන ලද විශ්ව ප්රනාන්දු වෙනුවට ළහිරු කුමාරටව ක්රීඩා කරවීමට පියවර ගනු ලබන බව එහි වැඩිදුරටත් සදහන් වේ. ළහිරු කුමාර සතු අමතර වේගය ඔහුට මෙම තරගයට සහභාගිවීමට ඉඩ කඩ විවර කර දි තිබේ.
දිමුත් කරුණාරත්න, නිශාන් මදුශ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (නායක), කමිඳු මෙන්ඩිස්, ප්රභාත් ජයසූරිය, අසිත ප්රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක