slc
logo
Home   |    News
අගෝස්තු 6, 2024
සී.සී.සී. – එස්. එස්. සී. – මුවර්ස් සහ ඒස් කැපිටල් අවසන් 4 ට එති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට එස්.එස්.සී. සී.සී.සී. ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

ඒ අනුව අවසන් පූර්ව තරග මේ මස 08 වැනිදා කොලඹ එස්. එස්. සී. සහ පී. සරා ඕවල් ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන 11 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි පළමු අවසන් පූර්ව තරගයේදී ඒස් කැපිටල් සහ මුවර්ස් කණ්ඩඩායම්ද දෙවැනි තරගයේදී සී.සී.සී. සහ එස්. එස්. සී. කණ්ඩායම්ද තරග වදිති.

මූලික වටයේ අවසන් දිනය වූ අගෝස්තු 05 වැනිදා දිනයේදීද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයින් සමත්වුණු අතර ඒ අතරින් නිගම්බු ක්‍රීඩා සමාජයේ ශෙෂාන් ප්‍රනාන්දු පන්දු 91 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 104 ක් වාර්තා කර ගැනීමටස මත්විය.

මේ අතර ප්‍රබල කෝල්ට්ස් පිලට එරෙහිව බදුරලිය ක්‍රීඩා සමාජ කඩුලු 6 ක ජයක් වාර්තා කර ගැනීමට සමත්වීම කැපී පෙනිණ. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම  ලකුණු 60 කට සීමා කිරීමට චානක කොමසාරු (21/5) සහ අලංකාර අසංක (12/3) ප්‍රමුඛ බදුරලිය පන්දු යවන්නෝ සමත්වූහ. එම පහසු ඉලක්කය හඹා ගිය බදුරලිය ක්‍රීඩා සමාජය පන්දුවාර 12.2 කදී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 4 ක් පමණක්  ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

එස්.එස්.සී. කණ්ඩායමට කඩුලු 2 ක ජයක්

මීගමුව කඩුලු 7ක් දැවී 264 (50.0)

කේශාන් වන්නිආරච්චි 27, සදෙව් සමරසිංහ 29, ශෙශාන් ප්‍රනාන්දු 104, හිමාෂ ලියනගේ 32, අක්මාල් ෆස්ලි 49/3, නුවනිඳු ප්‍රනාන්දු 49/3

එස්.එස්.සී. කඩුලු 8ක් දැවී 268 (50.0)

සදීෂ රාජපක්ෂ 75, ක්‍රිශාන් සංජුල 34, නුවනිඳු ප්‍රනාන්දු 28, දසුන් ශානක 27, රනුද සෝමරත්න 19, දිනරු කළුපහන නොදැවී 43, කවිඳු නදිශාන් 20, ඩිල්ශාන් මුණවීර 41/3, නිශාන් පීරිස් 41/3

රාගමට කඩුලු 6 ක ජයක්

ටැමිල් යුනියන් සියලුම දෙනා දැවී 204 (37.0)

සඳුන් වීරක්කොඩි 34, සනුක ගලගොඩ 27, අයන සිරිවර්ධන 19, ලහිරු සමරකෝන් 54, කල්හාර සේනාරත්න 28/5, ශෂික දුල්ශාන් 56/3

රාගම කඩුලු 4ක් දැවී 205 (39.3)

ගවිරු සෙන්හස් 32, සමින්ද ප්‍රනාන්දු 85, සංතුශ් ගුණතිලක 42, චමත් ගෝමස් නොදැවී 18, අයන සිරිවර්ධන 38/2

චිලව් මේරියන්ස් කඩුලු 7ක් දැවී 157 (42.5)

සුමින්ද ලක්ෂාන් 34, චමෝද් සඳරු නොදැවී 59, ඩිල්ශාන් සංජීව 23, සහන් මිහිරාන් 2/22, විශ්ව ලහිරු 3/19

බී.ආර්. සී, පිලට ලකුණු 23 ක ජයක්

බී.ආර්.සී. කඩුලු 9ක් දැවී 204 (50.0) දුලාජ් අශේන් 32, මර්වින් අභිනාශ් නොදැවී 96, මහේන්දිරන් කවිලන් 27, ඩිල්ශාන් අබේසිංහ 2/30, තිලකරත්න සම්පත් 2/33, මනුජ චන්තුක 2/43, සුපුන් කාවින්ද 2/24

නුගේගොඩ සියලුම දෙනා දැවී 181 (41.5) 

පුලිඳු පෙරේරා 72, කවින් පෙරේරා 53, චමින්ද බණ්ඩාර 2/46, දුලාජ් අශේන් 2/30, මර්වින් අබිනාශ් 2/32, චමීර දිසානායක 2/42

Moors කණ්ඩායමට කඩුලු 5ක ජයක්

කුරුණෑගල සියලුම දෙනා දැවී 120 (48.5)

ඩිල්හාර පොල්ගම්පොළ 25, අමේෂ් තෙන්නකෝන් 31, ශිරාන් ප්‍රනාන්දු 2/18, ප්‍රවීන් ජයවික්‍රම 3/30, රොහාන් සංජය 18/3ත

මුවර්ස් කඩුලු 5ක් දැවී 123 (28.3)

දිනුක ඩිල්ශාන් 26, පසිඳු සූරියබණ්ඩාර 31, රොහාන් සංජය නොදැවී 25, කසුන් ඒකනායක 18/2, අරවින්ද ප්‍රේමරත්න 37/2

බදුරලියට කඩුලු 6ක ජයක්.

කෝල්ට්ස් සියලුම දෙනා දැවී 60 (24.5) 

රවිඳු රසාන්ත 20, අලංකාර අසංක 12/3, චානක කොමසාරු 21/5

බදුරලිය කඩුලු 4ක් දැවී 60 (12.2)

ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 23, මුදිත ලක්ෂාන් 18/3

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar