slc
logo
Home   |    News
අගෝස්තු 13, 2024
හර්ෂිතාගේ මහන්සිය අපතේ යයි

sinhala editor

නිසි එල්ලයකට පන්දු යැවීමට නොහැකිවීමත්, දුර්වල පන්දු රැකීමත් නිසා තරග 2 කින් සමන්විත අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 7 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (13 දා)  රාත්‍රියේදී සිදුවිය. මේ සමගම තරග 2 කින් සමන්විත තරගවලිය 1-1 ක් ලෙස සමව අවසන් විය.

ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හර්ෂිතා සමරවික්‍රම ලබා දුන් සුපිරි ආරම්භය නිසා ජයග්‍රහණය ආසන්නයටම යෑමට අවස්ථාව උදාවූ නමුත් සෙසු පිතිකාරිණියන්ගෙන් ලැබිය යුතු දායකත්වය කණ්ඩායමට නොලැබුණු නිසා අවසානයේ වේදනා බර ලකුණු 07 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා වේලාසනම දැවී ගියද තෙවැනි කඩුල්ලට එක්වුණු හර්ෂිතා සහ කවීෂා දිල්හාරි ලකුණු 72 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ස්ථාවර ස්ථානයකට රැගෙන ආහ. මෙහිදී කැපී පෙනෙනම පිතිහරඹය දියත් කළ හර්ෂිතා මේගර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 65 කට දැවී ගියාය. ඒ වන විටත් ඈ මුහුණ දී තිබුණේ පන්දු 44 කට පමණක් වන අතර ඉන් 3 ක් හතරේ සීමාවට ඉහළින්ද 9 ක් හතරේ සීමාවට එපිටින්ද යැවීමට ඈ සමත්වී සිටියාය.  ඇය මුහුණ දුන් 34 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කර ගනු ලැබුවේ විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කියමිනි. ඇය මීට පෙර පෙරේදා පැවැති තරගයේදී පන්දු 29 කදී රැස් කරන ලද අර්ධ ශතකය ඇයගේ විස්සයි-20 තරග දිවියේ වේගවත්ම අර්ධ ශතකය විය.

හර්ෂීතා දැවී ගියද කවීෂා ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියද ඇයගේ අර්ධ ශතකය ලබා ගැනීම විනා ඇයට තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට අපොහොස්ත වීය. පිටියට  පිවිසි නිලක්ෂි ද සිල්වා (10), නායිකා අනුෂ්කා සංජීවනී (08), සහ අමා කාංචනා (11) වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවිය. එම පීඩනය කවීෂා දෙසට දෝලනය වූයේ ලකුණු ලබා ගැනීමේ වේගය පවත්වාගෙන යෑමට අමතරව කඩුල්ලද ආරක්ෂා කර ගැනීමේ පීඩනයද ඇය වෙත පැවැරුණු බැවිනි. ‍

කෙසේ වෙතත් ඉනිමේ අවසන් පන්දුවාරයේදී ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ලකුණු 16 ක් තරම් අවම මට්ටමකට රැගෙන ඒමට කවීෂාට හැකියාව ලැබිණි. එහිදී සිව්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් කවීෂා දිල්හාරි තම අර්ධ ශතකය රැස් කර ගැනීමට සමත් වුවත්, තරගය ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය තරම් වූ ප්‍රමාණවත් ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට නොහැකි විය.

සචිනි ගිම්හානිගේ පන්දුවක් හමුවේ ආරම්භක පිතිකාරිණී ඇමී හන්ටර් (09) දැවී ගියද දෙවැනි කඩුල්ලට ගැබී ලුවිස්ට එක්වූ ඔලා ප්‍රෙන්ඩර්ගාස්ට් 119 ක් රැස් කිරීමට සමත්වූහ. මෙහිදී සුපිරි පිතිහරඹයක නිරත වුණු ගැබී ලුවිස් විස්සයි-20 තරග දිවියේ දෙවැනි ශතකය වාර්තා කිරීමට සමත්වූවාය. ඇයගේ විස්සයි-20 තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වුණු මෙම ඉනිම සඳහා ඇය පන්දු 75 කට පමණක් මුහුණ දුන්නාය. ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී යනවිට ඇය සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 17 කින් වර්ණාවත් කරගෙන සිටියාය.

ඇයට අනගි සහායක් ලබා දුන් ඔලා ප්‍රෙන්ඩර්ගාස්ට් පන්දු 31 කදී ලකුණු 38 ක් ලබා ගත්තාය. සමස්ථයක් ලෙස ගත් විට අද තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම එතරම් සුභදායක මට්ටමක නොතිබුණු බැවින් කඩුලු රැකීමේ සිටම දැක්වූ දුර්වලතාව නිසා නොතිබුණු ලකුණු 15 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිවාදී කණ්ඩායමට රැස් කර ගැනීමේ අවස්ථාව හිමිවිය.

පන්දු යැවීමේදී අචින කුලසූරිය සහ ශෂිනි ගිම්හානි එක් කඩුල්ලක් බැගින් දවා ගත් අතර සෙසු පන්දු යවන්නියන් සියල්ලන්ටම පපන්දුවාරයකට ලකුණු 7 කට වඩා රැස් කිරීමට ප්‍රතිවාදී පිතිකාරිණියෝ සමත්වූහ.

අයර්ලන්තය පන්දුවාර 20 කදී කඩුලු 3 ට ලකුණු 173 යි –

ඇමී හන්ටර් 09, ගැබී ලුවිස් 119, ඔලා බ්‍රෙන්ඩර්ගාස්ට් 38, රෙබෙකා ස්ටොකෙල් 04* අචිනි කුලසූරිය 36/1, ශෂිනි ගිම්හානි 24/1

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]
  • එංගලන්ත නායකයාගෙන් වේගවත් ශතකයක්
    ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට […]
  • එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?
    එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee