slc
logo
Home   |    News
අගෝස්තු 30, 2024
19න් පහළ බාළිකා පිල තුන්කොන් සටනකට ඔස්ට්‍රේලියාවට

sinhala editor

 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගීවීම උදෙසා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට සූදානම් වේ.

ලබන සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදී ඕස්ට්‍රේලියාවේ 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා යෞවනියන් සමඟ තරග කිරීමට සැලසුම්කොට ඇත. මෙය විස්සයි20 සහ ඕවර් 50 එක්දින ක්‍රිකට් තරගාවලි දෙකක් ලෙස සංවිධානය වේ.

මෙම සංචාරය ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් තරගාවලියක් වන අතර, ඔවුන් ඉහළ තරගකාරී කණ්ඩායම්වලට එරෙහිව ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම පසුගිය අප්‍රේල් මාසයේ හම්බන්තොට ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය සහභාගි වූ මෙවැනිම තුන්කොන් තරගාවලියකට ක්‍රීඩා කළේය.

විස්සයි20 තරගාවලියේ තරග කාලසටහන මෙසේය:
සැප්. 20 දා ශ්‍රී ලංකා - නවසීලන්තය ඇලාන් පෙටිග්රිව් ඕවල් පිටියේදී
සැප්. 22දා  ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ඉයන් හීලි ඕවල් පිටියේදී
සැප්. 25දා  ශ්‍රී ලංකා  - ඔස්ට්‍රේලියා  බිල් පිපෙන් ඕවල් පිටියේදී 
සැප්. 26දා  ශ්‍රී ලංකා - නවසීලන්තය බිල් පිපෙන් ඕවල් පිටියේදී 

ඕවර් 50 එක්දින තරගාවලියේ තරග කාලසටහන මෙසේය:
සැප්. 30දා ශ්‍රී ලංකා  - ඔස්ට්‍රේලියා  ඇලාන් පෙටිග්රිව් ඕවල් පිටියේදී
ඔක්. 1දා     ශ්‍රී ලංකා - නවසීලන්තය ඇලාන් පෙටිග්රිව් ඕවල් පිටියේදී

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee