slc
logo
Home   |    News
අගෝස්තු 27, 2024
පළමු ශතකය අහන් වික්‍රමසිංහගෙන්

sinhala editor

මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශයේ සමාරම්භක දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු අහන් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු යැවීමේදී කඩුලු 5 ක් දවා ගැනීමට ජැෆ්නා කණ්ඩායමේ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර සමත්වූවේය.
මේ අතර අද දිනයේ පැවැති තරගවලදී ජැෆ්නා කණ්ඩායම කඩුලු 4 කින්ද ගෝල් කණ්ඩායම කඩුලු 6 කින්ද ජය වාර්තා කිරීමට සමත්වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අහන් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කළද ඔවුනට එරෙහිව ජය වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම සමත්වීම කැපී පෙනිණ.
එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම කඩුලු 9 ට ලකුණු 259 ක් රැස් කළ නමුත් එය හඹා ගිය ගෝල් පිතිකරුවෝ පන්දුවාර 47.3 ක් ඉතිරිව තිබියදී කඩුුුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ඒ වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු යශෝධ ලංකා පන්දු 45 කදී ලකුණු 63 කද රවිදු රසාන්ත පන්දු 80 කදී ලකුණු 56 ක්ද වාර්තා කරමින් පිත්තෙන් දක්කම් දැක්වූහ.
මේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිලට එරෙහිව ලකුණු 270 ක අසීරු ඉලක්කයක් හඹා යමින් ජය වාර්තා කිරීමට ජැෆ්නා පිල සමත්විය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 269 ක් රැස් කර ගන්නා ලදුව එය ශඹා ගිය ජැෆ්නා පිතිකරුවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.
කලම්බු – ජැෆ්නා
කලම්බු පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 269 යි
අවිහ්ක ප්‍රනාන්දු 33, ක්‍රිෂාන් සංජුල 15, දසුන් ශානක 49, අෂේන් බණ්ඩාර 44, විශාඩ් රන්දික 66, ප්‍ර මෝද් මදුෂාන් 27, කවිඳු පතිරත්න 14, ඉසිත විජේසුන්දර 60/5
ජැෆ්නා පන්දුවාර 485 කදී කඩුලු 6 ට ලකුණු 271 යි
සඳුන් වීරක්කොඩි 73, රොන් චන්ද්‍රගුප්ත 63, හසිත බෝයගොඩ 29, ජනිත් ලියනගේ 44, මොහොමඩ් ශමාස් 20, ලහිරු මදුශංක 15, දිලුම් සුධීර 55/3, ප්‍ර මෝද් මදුෂාන් 52/2

කැන්ඩි – ගෝල්
කැන්ඩි පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 259 යි
අහන් වික්‍රමසිංහ 112, කවීන් බණ්ඩාර 35, සම්මු අශාන් 28, චාමික කරුණාරත්න 43, අෂේයින් ඩැැනියල් 10, ධනංජය ලක්ෂාන් 36/4, ගරුක සංකෙත් 67/2 මුදිත ලක්ෂාන් 30/2
ගෝල් පන්දුවාර 47.3 කදී කඩුලු 4 කට ලකුණු 263 යි
යශෝධ ලංකා 63, සොහාන් ඩි ලිවේරා 44, ෂෙහාන් ප්‍රනාන්දු 35, රවිඳු රසාන්ත 56, සනෝජ් දර්ශික 36, ලසිත් ඇඹුල්දෙණිය 43/3

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee