slc
logo
Home   |    News
අගෝස්තු 27, 2024
පළමු ශතකය අහන් වික්‍රමසිංහගෙන්

sinhala editor

මෙරට පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග අංශයේ සමාරම්භක දිනයේදීම ශතකයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු අහන් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. පන්දු යැවීමේදී කඩුලු 5 ක් දවා ගැනීමට ජැෆ්නා කණ්ඩායමේ වේග පන්දු යවන ඉසිත විජේසුන්දර සමත්වූවේය.
මේ අතර අද දිනයේ පැවැති තරගවලදී ජැෆ්නා කණ්ඩායම කඩුලු 4 කින්ද ගෝල් කණ්ඩායම කඩුලු 6 කින්ද ජය වාර්තා කිරීමට සමත්වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අහන් වික්‍රමසිංහ ශතකයක් වාර්තා කළද ඔවුනට එරෙහිව ජය වාර්තා කිරීමට ගෝල් කණ්ඩායම සමත්වීම කැපී පෙනිණ.
එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම කඩුලු 9 ට ලකුණු 259 ක් රැස් කළ නමුත් එය හඹා ගිය ගෝල් පිතිකරුවෝ පන්දුවාර 47.3 ක් ඉතිරිව තිබියදී කඩුුුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ඒ වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු යශෝධ ලංකා පන්දු 45 කදී ලකුණු 63 කද රවිදු රසාන්ත පන්දු 80 කදී ලකුණු 56 ක්ද වාර්තා කරමින් පිත්තෙන් දක්කම් දැක්වූහ.
මේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිලට එරෙහිව ලකුණු 270 ක අසීරු ඉලක්කයක් හඹා යමින් ජය වාර්තා කිරීමට ජැෆ්නා පිල සමත්විය. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 269 ක් රැස් කර ගන්නා ලදුව එය ශඹා ගිය ජැෆ්නා පිතිකරුවෝ පන්දු 7 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.
කලම්බු – ජැෆ්නා
කලම්බු පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 269 යි
අවිහ්ක ප්‍රනාන්දු 33, ක්‍රිෂාන් සංජුල 15, දසුන් ශානක 49, අෂේන් බණ්ඩාර 44, විශාඩ් රන්දික 66, ප්‍ර මෝද් මදුෂාන් 27, කවිඳු පතිරත්න 14, ඉසිත විජේසුන්දර 60/5
ජැෆ්නා පන්දුවාර 485 කදී කඩුලු 6 ට ලකුණු 271 යි
සඳුන් වීරක්කොඩි 73, රොන් චන්ද්‍රගුප්ත 63, හසිත බෝයගොඩ 29, ජනිත් ලියනගේ 44, මොහොමඩ් ශමාස් 20, ලහිරු මදුශංක 15, දිලුම් සුධීර 55/3, ප්‍ර මෝද් මදුෂාන් 52/2

කැන්ඩි – ගෝල්
කැන්ඩි පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 259 යි
අහන් වික්‍රමසිංහ 112, කවීන් බණ්ඩාර 35, සම්මු අශාන් 28, චාමික කරුණාරත්න 43, අෂේයින් ඩැැනියල් 10, ධනංජය ලක්ෂාන් 36/4, ගරුක සංකෙත් 67/2 මුදිත ලක්ෂාන් 30/2
ගෝල් පන්දුවාර 47.3 කදී කඩුලු 4 කට ලකුණු 263 යි
යශෝධ ලංකා 63, සොහාන් ඩි ලිවේරා 44, ෂෙහාන් ප්‍රනාන්දු 35, රවිඳු රසාන්ත 56, සනෝජ් දර්ශික 36, ලසිත් ඇඹුල්දෙණිය 43/3

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar