slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2024
අවු. 23න් පහළ අවසන් ගැටුම ඒස් කැපිටල් – මුවර්ස් අතර

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරරගාවලියේ අද නිමාවට පත් වුණු අවසන් පූර්ව තරග වලදි කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව  පළමු ඉනිමේ ජයක් වාර්තා කළ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (30 දා) සමත්වූවේය. මේ අතර අනෙක් අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රතිඵල රහිත වීම නිසා මූලික වටයේ ලබා ඇති වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත පදනම්ව මුවර්ස් ක්‍රීඩා සමාජය, ඒස් කැපිටල් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්ව සිටියි.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම පන්දුවර 64.4 කදී ලකුණු 226 ක් රැස් කරන ලදුව ඊට පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ ඒස් කැපිටල් කණ්ඩායම පන්දුවාර 52 ක් අවසනදී කඩුලු 4 ට ලකුණු 253 ක් ලබා ගැනීමට සමත්විය.

ඒස් කැපිටල් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ වනුජ සහන් පන්දු 86 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගින් නොදැවී ලකුණු 115 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව තීරක රණතුංග හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 57 ක් රැස් කළේය. මොවුන් දෙදනො අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්ද 155 කදී ලකුණු 162 ක් විය.

මේ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මුවර්ස් සහ රාගම අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ප්‍රතිඵල රහිත විය. පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජජය පන්දුවාර 78.5 කදී කඩුලු 9 ට ලකුණු 314 ක් රැස් කළ නමුත් ඊඨ පිළීතුරු ඉනිම ක්‍රීඩා කළ රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 35.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 118 ක් ලබා සිටියේය.  ඒ අනුව මූලික වටය යටතේ ලද වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව හේතුවෙන් අවසන් මහ තරග වරම උදාකර ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයට අවස්ථාව උදාවිය.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 64.4 කදී සියලු දෙනා දැවී ලකුණු 226 යි

ශලින් ද මෙල් 18, සුකිත මනෝජ් 44, රවිඳු රශාන්ත 56, දුනිත් වෙල්ලාලගේ 45, හිරුණ ගාල්ලගේ 15, යසිරු රුද්‍රිෙගා් 16, අනුරාධ රණසිංහ 15*, දනාල් හේමානන්ද 56/5, වනුජ සහන් 38/2, මෙලාන් හංසක 30/2

ඒස් කැපිටලන්  පන්දුවාර 52 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 253 යි

හිරාන් ජයසුන්දර 43, තරිඳු අමරසිංහ 28, වනුජ සහන් 115*, තීරක රණතුංග 57, දුනිත් වෙල්ලාලගේ 66/2

මුවර්ස් – රාගම

මුවර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 78.5 කදී කඩුලු 9 ට ලකුණු 314 යි

ඔමේෂ් මෙන්ඩිස් 75, රවිෂාන් ද සිල්වා 12, ලොහාන් ද සොයිසා 76, විශාර ප්‍රනාන්දු 35, තරිඳු ඩිලන්ක 25, රොහාන් සංජය 30, හරිඳු ජයසේකර 25, උවින් පෙරේරා 21/2, දසිත් ගුණතිලක 85/4, කවීෂ දුලංජන 44/2

රාගම ක්‍රීඩා සමාජය පන්දුවාර 35.2 කදී කඩුලු 4 ට ලකුණු 118 යි

ගවිරු සෙන්හස් 53, සහිල් ඩයස් 50*, යෙසිත් රූපසිංහ 08/3

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාව කැන්ගරුවන් හමුවේ දැවැන්තම එක්දින ජය ලබයි
    කුසල් මෙන්ඩිස්ගේ පස්වැනි එක්දින ශතකයත්, චරිත් අසලංකගේ අර්ධ ශතකයත් සහ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 174 ක විශිෂ්ඨ […]
  • හලාවත මේරියන්ස් කඩුලු 9 ට ලකුණු 259 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින හලාවත […]
  • එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව […]
  • චරිත්ගේ විශිෂ්ඨ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 49 ක ජයක්
    By Chamila Karawita පිත්තෙන් විශිෂ්ඨ ශතකයක් මෙන්ම අවස්ථානුකූලව පන්දු යවන්නන් යොදා ගනිමින් කණ්ඩායම හැසිරවීමට චරිත් අසලංක සමත්වීමත් නිසා ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති පළමු […]
  • එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි
    වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය […]

Pin It on Pinterest

USD United States (US) dollar