slc
logo
Home   |    News
සැප්තැම්බර් 20, 2024
ඉනෝකා රණවීර යළි කණ්ඩායමට

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට යළිත් පළපුරුදු ක්‍රීඩිකාවක වන ඉනෝකා රණවීරගේ සේවය ලබා ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකාවක ලෙසින්ද කටයුතු කළ ඉනෝකා රණවීර, කාන්තා කණ්ඩායමේ ප්‍රධානතම පන්දු යවන්නියක් ලෙස කටයුතු කළාය. එහෙත් ඉකුත් 2024 ජූනි මාසයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහි තරගාවලියෙන් පසු ඇයට කණ්ඩායමේ ස්ථානය නොලැබී ගියාය. එම තත්ත්වය මත ඇයට ශ්‍රී ලංකාව පළමු වතාවට ආසියානු ශූරියන් බවට පත්වුණු තරගාවලියටද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූවාය.

වමතින් දඟ පන්දු යවන ඉනෝකා විස්සයි-20 ජාත්‍යන්තර තරග 82 කදී කඩුලු 91 ක් ලබා සිටින්නීය. ඇයගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 18.03 ක් ලෙස සටහන් වේ.

මේ අතර නම් කරන ලද ක්‍රීඩිකාවන් 15 දෙනාට අමතරව කෞෂානි නුත්‍යාංගනාව කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවක ලෙසින් එක් කොට ගනිමින් තරගාවලියට රැගෙන යෑමටද තේරීම් වලදී පියවර ගෙන තිබේ.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා, උදේශිකා ප්‍ර බෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්ධිකා කුමාරි, කෞෂානි නුත්‍යාංගනා (අතිරේක)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee