slc
logo
Home   |    News
සැප්තැම්බර් 23, 2024
උපරිමය ක්‍රීඩා කළොත් ඕනෑම රටක් අපිට පරාජය කළ හැකියි – චමරි

sinhala editor

ඉදිරි ලෝක කුසලාන තරගාවලියේදී තමන්ට හිමි කාණ්ඩය යටතේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ලොව හොඳම රටවල් පසු වුවත් අපේ උපරිමය ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබුණහොත් ඕනෑම රටක් පරාජය කිරීමේ හැකියාව තම කණ්ඩායම සතු වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සඳහන් කර සිටින්නීය.

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23 දා) අලුයමදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා නායකයාව ඉහත අදහස් පළ කර සිටියාය.

“අපි දන්නවා අපේ උපරිම දක්ෂතාවය දුන්නාත් අපිට ඕනෑම රටක් පරද්දන්න පුලුවන්. පසුගිය මාස 7, 8 අවුරුද්ද අපි ඒක කරලා පෙන්නලා තියෙනවා. හැබැයි කිසිම කණ්ඩායමක් අපිට අවතක්සේරුවට ගන්න බෑ. ඒක ඔස්ට්‍රේලියාව වෙන්න පුලුවන්, අලුතෙන් සෙල්ලම් කරන රටක් වෙන්න පුලුවන්. මොකද මේ ෆෝමෑට් එකේදී ඕනෑම දෙයක් වෙන්න පුලුවන් නිසා. ඒ නිසා කිසිම කණ්ඩායමක් ලේසියට ගන්නේ නෑ. අපි තරගයෙන් තරගයට සැලසුම් කරලා තියෙනවා. හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා“.

“පළවැනි තරගය තමයි අපි දැනට ෆෝකස් කරන් ඉන්නේ. ඊට කළින් පුහුණු තරග දෙකක් තියෙනවා. හොඳ කණ්ඩායමක් මට ලැබිලා ඉන්නවා. අපි හොඳ පුහුණු සැසි කීපයක් පැවැත්වුවා. විශේෂයෙන් අපි රාත්‍රී කාලයේ පුහුණවීම් කළා. මොකද අපිට රාත්‍රී කාලයේ තරග 3 ක්ම සෙල්ලම් කරන්න තියෙන නිසා. ඒ නිසා අපි ටික දවසකට කළින් කන්ඩිෂන් වලට හුරුවෙන්නත් එක්ක ඩුබායිවලට යනවා. හොඳ තරගාවලියක්. ඉතිං අපි තරගයෙන් තරගයට ක්‍රීඩා කරන්න තමයි සැලසුම් කරලා තිනේනේ. අපහසු කණ්ඩඩායමක් වුවත් අපි අපේ හොඳම ක්‍රිකට් එක ක්‍රීඩා කරොත් අපිට ඕනෑම රටක් පරාජය කරන්න පුලුවන්“ යැයි චමරි සදහන් කර සිටියාය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ප්‍රභල ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්ව සිටිති. පාකිස්තානයට එරෙහිව ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කාන්තා පිල බංග්ලාදේශයට සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට වලට එරෙහිව පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිතය. එම තරග 2 ම ඩුබායිහි අයි.සී.සී. පුහුණු විද්‍යායතනය සහ සෙවන්ස් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.  

“මං හිත්නනේ ආසියානු කුසලාන අපි උපරිම රිද්මයෙන් ක්‍රීඩා කරපු නිසා ජයග්‍රහණය කළා කියලා.  ඒත් ඒකෙන් කියන්නේ නෑ අපිට ලෝක කුසලානයේ ලේසියෙන් ඉස්සරහට යන්න පුලුවන් කියලා. මොකද ඕනෑම කණ්ඩායමක් එන්නේ ලෝක කුසලානයේදී උපරිම ක්‍රිඩා කරන්න. අපි ක්‍රීඩා කරන්නේ සාජා ක්‍රීඩාංගණයේ. මුලින් දැකලා තියෙන සාජා විකට් එක බැටිං හිතවත් විකට්ස්. නමුත් දැන් අපි දන්නේ නෑ මොනව විදියේ කන්ඩිෂන් හම්බ වෙයි කියලා. ඒ නිසා වෙනසක් තියෙයි කියලා විශ්වාස කරනවා“ යැයි තණතීරුවල සහ ආසියානු කුසලාන ජයග්‍රහණය මෙම තරගාවලියට කේස් වැදගත් වේවිද යන්න කරන ලද විමසීමේදී චමරි සඳහන් කර සිටියාය.

අද පිටත්ව ගිය කණ්ඩායමට ජයග්‍රාහී ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවූ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15 දෙනාගෙන් 14 දෙනෙකුම ඇතුළත්ව සිටින අතර, ඊට අමතරව පළපුරුදු වමත් පන්දු යවන්නියක වන ඉනෝකා රණවීරද කණ්ඩායමට පැමිණ සිටියි.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar