slc
logo
Home   |    News
සැප්තැම්බර් 9, 2024
එස්.එස්.සී සහ කෝල්ට්ස් දක්ෂතා දක්වති

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ මේජර් අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (09) ආරම්භ වු තරග අතුරින් එස්.එස්.සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය.  එස්.එස්.සී. – පාණදුර තරගයේ දී පාණදුර මුල් ඉනිමේ දී රැස් කළ ලකුණු 132ට පිළිතුරු ලෙස එස්.එස්.සී. සිය මුල් ඉනිමේ දී ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු හයක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166කි. කෝල්ට්ස් සහ රාගම අතර තරගයේ දී රාගම මුල් ඉනිමේ දී රැස් කළ ලකුණු 151ට පිළිතුරු ලෙස කෝල්ට්ස් ප්‍රථම දිනය නිම වන විට ලකුණු 138ක් ලබා සිටියේ කඩුලු තුනක් පමණක් දැවී යාමෙනි.

 මේ අතර මුවර්ස් ක්‍රීඩාංගණයේ දී අද (09) ආරම්භ වු මුවර්ස් සහ බී.ආර්.සී. අතර තරගයේ දී දිනය නිම වන විට මුවර්ස් කණ්ඩායම කඩුලු හයකට ලකුණු 179ක් ලබා සිටියේය. මුවර්ස් ආරම්භක පිතිකරුවන් දෙදෙනා රවිෂාන් ද සිල්වා පන්දු 90කට මුහුණ දී හතරේ අටක් හයේ පහරක් සමඟ ලකුණු 62ක් ද ඔමේෂ් මෙන්ඩිස් පන්දු 58කදී හතරේ අටක් සමඟ ලකුණු 41ක් ද රැස් කළහ.

 රවිෂාන් සහ ඔමේෂ් මුවර්ස් මුල් කඩුල්ලට ලකුණු 69ක් රැස් කළේ පන්දුවාර 17ක් තුළදීය.

 වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ආරම්භ වු ටැමිල් යුනියන් සහ කුරුණෑගල යූත් අතර තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් කණ්ඩායමේ අංක පහ පිතිකරු මොහමඩ් ෂමාස් පන්දු 64කට මුහුණ දී හතරේ නවයක් සහ හයේ පහර තුනක් සමඟ නොදැවී රැස් කළ ලකුණු 72 මත ටැමිල් යුනියන් කණ්ඩායමට ලකුණු 159ක් කරායාමට අවස්ථාව උදා විණි. ටැමිල් යුනියන් පිතිකරුවනට හිසරදයක් ගෙන දුන් කරුණෑගල යූත් කණ්ඩායමේ දේශාන් සෙනෙවිරත්න ලකුණු 51කට දවාලු කඩුලු සංඛ්‍යාව පහකි.

 කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වු රාගම සහ කොල්ට්ස් අතර තරගයේ දී රාගම මුල් ඉනිමේ දී ලකුණු 151කට දැවී යාමෙන් පසු කෝල්ට්ස් කණ්ඩායමේ ෂාලින් ද මෙල් පන්දු 57කට මුහුණ දී හතරේ දහයක් සහ හයේ පහරක් සමඟ ලකුණු 71ක් රැස් කිරීමෙන් දිනය නිම වන විට කෝල්ට්ස් කඩුලු තුනකට ලකුණු 138ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

 ෂාලින් ද මෙල් සහ සුකිත් මනෝජ් (32) කෝල්ට්ස් දෙවන කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 105කි.

 එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති එස්.එස්.සී. – පාණදුර අතර තරගයේ දී එස්.එස්.සී. කණ්ඩායමේ කමිඳු නදීෂාන් (26/5) සහ අක්මාල් ෆස්ලි (35/4) පන්දු යැවීමේ දී දැක් වු දක්ෂතා මත පාණදුර පිතිකරුවන් සියල්ල මුල් ඉනිමේ දී රැස් කළේ ලකුණු 132කි.

 ප්‍රථම දින (09) තරගය නිම වන විට එස්.එස්.සී. කඩුලු හයකට ලකුණු 164ක් රැස් කර ඉදිරියෙන් පසුවීමට සමත් විය. මෙහිදී වඩාත් කැපී පෙනුණු පිතිකරුවා වු සදීෂ රාජපක්ෂ පන්දු 117කදී හතරේ හතක් සමඟ නොදැවී ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය.

  • මුවර්ස් – බී.ආර්.සී. (මුවර්ස් 179/6යි)

 මුවර්ස් මුල් ඉනිම කඩුලු 6ට 179 (පන්දුවාර 40.4) – (රවිෂාන් ද සිල්වා 62, ඔමේෂ් මෙන්ඩිස් 41, විෂාර ප්‍රනාන්දු 24, ජනිෂ්ක පෙරේරා 19, හරිඳු ජයසේකර 19, දිනුක වන්නිආරච්චි 60/3, තරුක්ෂ අසේල් 17/3)

  • ටැමිල් යුනියන් – කුරුණෑගල යූත් (කුරුණෑගල යූත් ප්‍රබල පිළිතුරක් දෙයි)

 ටැමිල් යුනියන් මුල් ඉනිම සියල්ල දැවී 159 (පන්දුවාර 30.5යි) – (මොහමඩ් ෂමාස් නොදැවී 72, විජයකාන්ත් වියස්කාන්ත් 20,  ඉසිවර දිසානායක 17, දේශාන් සෙනෙවිරත්න 51/5, දිනුක තෙන්නකෝන් 22/2)

කුරුණෑගල යූත් මුල් ඉනිම කඩුලු 1ට 67 (පන්දුවාර 23යි ) – (දිමන්ත මහවිතාරණ 34, සත්සර ගමගේ නොදැවී 26, තීෂාන් විතුෂාන් 16/1යි)

  • රාගම – කෝල්ට්ස් (කෝල්ට්ස් ඉදිරියෙන්)

 රාගම මුල් ඉනිම සියල්ල දැවී 151 (පන්දුවාර 42.3යි) – (දසිත් ගුණතිලක නොදැවී 49, ගවිරු සෙන්හස් 30, රුසඳ ගමගේ 16, දුලාජ් බණ්ඩාර 15, චමත් ගෝමස් 14, අනුරාධ රණසිංහ 42/3, ගිත්මින් කොළඹගේ 42/2, ප්‍රවීන් මතීෂ 10/2)

 කෝල්ට්ස් මුල් ඉනිම කඩුලු 3ට 138යි (පන්දුවාර 26යි) – (ෂාලිත් ද මෙල් 71, සකිත් මනෝජ් 32, රවිඳු රසන්ත නොදැවී 13, දසිත් ගුණතිලක 38/2යි)

  • පාණදුර – එස්.එස්.සී. (පාණදුර මුල් ඉනිමේදී ඉදිරියෙන්)

පාණදුර මුල් ඉනිම සියල්ල දැවී 132 (පන්දුවාර 41.1යි) – (රන්දිව් සෙනෙවිරත්න 32, කාංචන ද ලිවේරා 31, යෂාන් අවිශ්ක 29, අක්මාල් ෆස්ලි 35/4, කවිඳු නදීෂාන් 26/5)

 එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 6ට 164යි (පන්දුවාර 46යි) – (සදීෂ රාජපක්ෂ නොදැවී 54, රනුද සෝමරත්න 29, සසිඳු මල්ෂාන් 23, විෂාල් රුක්ෂාන් 13, තරුෂ දමිඳු 28/2, විශ්ව ළහිරු 52/2යි)

Active filters

Recent Posts

  • හම්බන්තොට පළමු ජය ලබයි
    ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙසින් අද (14 දා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් නුවරඑළිය කිංග්ස්ට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට හම්බන්තොට බංග්ලා ටයිගර්ස් […]
  • ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු […]
  • ජනසතු සේවා ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණය ජනතා අයිතියට
    සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබාදීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් “ජාතික සංවර්ධන ගමන් මඟ“ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ […]
  • තෙවැනි දින තරග 3 ටම වර්ෂාවෙන් බාධා
    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙසින් අද (13 දා) පස්වරුවේ පැවැති තරගයද වර්ෂාව හේතුවෙන් පන්දුවාර 5.5 කට සීමා වෙමින් නිමාවට පත්විය. ප.ව. […]
  • කලම්බු පැරදවූ ජැෆ්නා පිල ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට
    Chamila Karawita reporting from Pallekele පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් අද (12 දා) පැවැති තරගයෙන් කලම්බු ජැගුවර්ස් කන්ඩායමට එරෙහිව ලකුණු 40 […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee