slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2024
කලම්බු දැවැන්ත ජයක් ලබද්දී දඹුල්ල 67 කට දැවී යයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04 දා) අවසන් වුණු තරග වලදී චරිත් අසලංකා සහ දසුන් ශානක ශතක වාර්තා කිරීමටට සමත්වූහ. කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කලම්බු නායක චරිත් අසලංක වාර්තා කරන ලද්දේ මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වීම කැපී පෙනෙයි.

අසලංක විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි ශතකය ලෙසින් සටහන් වුණු මෙම කරයේදී ඔහු පන්දු 137 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 138 ක් ලබා ගත්තේය. ඔහුගේ අනෙක් ශතක සහායකයා වූ කලම්බු කණ්ඩායමේ දසුන් ශානක  පන්දු 90 කට මුහුණ දෙමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 103 ක් රැස් කර ගත්තේය.

මොවුන්ගෙ මේ ශතක සම්බන්ධතා සහිත ඉනිම් හේතුවෙන් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායමට කඩුලු 8 ක් දැවී ලකුණු 342 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට අවස්ථාව උදාවිය. එම ඉලක්කය හඹා යෑමේදී කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 38.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ලමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවේය. ඒ අනුව කැන්ඩි පිලට එරෙහිව ලකුණු 164 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කණ්ඩායමට අවස්ථාව උදාවිය.

මේ අතර අද දිනයේදී පැවැති අනෙක් තරගය වූ දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදීි දඹුල්ල කණ්ඩායම ලකුණු 67 කට සීමා වීම කැපී පෙනිණ. මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු ගෝල් කණ්ඩායමේ දිනුක ඩිල්ෂාන් ලකුණු 12කට කඩුලු 4 ක් දවාලීමට සමත්වූවේය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 39 කට සීමා වෙමින් පැවැති අතර එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම සඳහා ගෝල් කණ්ඩායම දඹුලු පිලට ආරාධනා කර සිටියේය. දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවේ වූයේ අංජල බණ්ඩාර වන අතර ඔහු ලකුණු 34 ක් ලබා ගත්තේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ පන්දු වාර 6 ක් පමණක් ලකුණු පුවරුවේ නිමාව තිබියදීය.

කලම්බු – කැන්ඩි

කලම්බු පන්දුවාර 50 කදී කඩුලු 8 කට ලකුණු 342 යි –

චරිත් අසලංක 138, දසුන් ශානක 103, චාමික කරුණාරත්න 78/2, නිපුන් රන්සික 29/3, ලසිත් ඇඹුල්දෙණිය 49/2

කැන්ඩි පන්දුවාර 38.5 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි

සිතර ගිම්හාන 37, කවීන් බණ්ඩාර 57, රවීන් ද සිල්වා 20*, දසුන් ශානක 22/3, දිලුම් සුදීර 19/2, විහස් චෙව්මික 27/2

දඹුල්ල – ගෝල්

දඹුල්ල පන්දුවාර 21.4 කදි සියලු දෙනා දැවී ලකුණු 67 යිි

අංජල බණ්ඩාර 34, දිනුක ඩිල්ෂාන් 12/4 ශිරාන් ප්‍රනාන්දු 10/3

ගෝල් පන්දුවාර 5.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 67 යි

යශෝධ ලංකා 34, සොහාන් ඩි ලිවේරා 10, මුදිත ලක්ෂාන් 13*, ගයන වීරසිංහ 09/2

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee