slc
logo
Home   |    News
සැප්තැම්බර් 21, 2024
කාණ්ඩය ප්‍රබලයි – ඒත් අත් අරින්නේ නෑ – රුමේෂ් රත්නායක

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ ඉතාම ශක්තිමත් කණ්ඩායම්වලින් සමන්විත කාණ්ඩයක වුවත් එය තමන් සුභවාදී ලෙස දකින බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා සඳහන් කර සිටියි.

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වන කාන්තා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා සන්කුවික් ආයතනය ඉදිරිපත්ව සිටින අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී රත්නායක මහතා ඉහත අදහස් පළ කර සිටියේය.

“අපි මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා දඹුල්ලෙදි හොඳ සූදානමක් වුණා. අපි හැම අභියෝගයකටම සූදානම් වුණා. අපි ඉන්නේ ඉතාමත් හොඳම ගෘෘප් එකක. එවැනි ශත්කිමත් ගෘප් එකක ඉන්න එක මං හිතන්නේ අපිට වෙන හොද දෙයක්. මොකද එතකොට අපේ උපරිමයම මේ තරගාවලියෙදි ලබා ගන්න පුලුවන්. අපි අත අරින්නේ නෑ“ යැයි කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් සදහන් කර සිටියේය.

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සැප්තැම්බර් මස 23 වැනිදා එක්සත් අරාබි රාජ්‍ය බලා පිටත්ව යන අතර තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරග 2 කටද ක්‍රීඩා කිරීමට නියමතිය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ප්‍රභල ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදී කණ්ඩායම් බවට පත්ව සිටිති.

“අපි මේ තරගාවලියට පෙර සූදානම් හොඳින් සිදු කළා. ඒක ටිකක් කර්කෂ දෙයක් වුවත්, අපිට ඕන දේවල් අපි පොඩි පොඩියට කරගන්න පුලුවන් වුණා. අපේ ක්‍රීඩිකාවන් මේ තරගාවලියට අවශ්‍ය සියලුම පෙර සූදානම් ලබා ගත්තා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ආලෝක ධාරා මධ්‍යෙය් ක්‍රීඩා කිරීමේ පුහුුව පවා. පුහුණුකරු විදියට මම විශ්වාස කරනවා අපි කරපු හැම දෙයක්ම හරි යයි කියලා“ යැයි රත්නායක මහතා සඳහන් කර සිටියේය.

“අපිට ගොඩක් තරග ක්‍රීඩා කරන්න තියෙන්නේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඒකෙ තණතීරුව ගැන බැලුවත් අපි කෝල් කරලා ඇහුවා සාජාවල වෙන්නේ මොනවද කියලා. සාජා වල කොහොමද විකට් එක. මම ගහද්දි විතරක් නොවෙිය. මේ මෑතක. අවුරුදු 5 කට විතර ඉස්සෙල්ලා හොඳ විකට්ස් තිබුණේ. හැම එක්කෙනාම ඒක දන්නවා. ඒක දැන් අලුතෙන් හදලා තියෙන්නේ. ඒක නිසා විකට් එක වෙනස්. අපි දන්නවා විකට් එකේ චරිතය මොකද්ද කියලා. ඒ තණතීරු හරි නෑ කියලා අපි නිදහසට කරුණු කියන්නේ නෑ. ඒ වුණාට අපේ යුතුකම වෙන්න ඕන ඒ අභියෝගයට සූදානම් වෙන්න. ඒකට අපි  ලෑස්තිවෙලා ඉන්නෙත් හැම තිස්සෙම ලෑස්ති වුණෙත්. හොදට ටීම් එක්ක විදියට කරන්න. ඔක්කොම ළමයින්ගේ ඔලු හැදිලා තියෙනවා. එයාලගේ හැකියාවෙන් හැදිලා තියෙනවා. ගිහිල්ලා ගහන්නයි තියෙන්නේ. ගහන එක අපිට පොරොන්දු වෙන්න බෑ. නමුත් අපේ උපරිම දෙනවා කියන එක සියයට සියයි කියලා අපි හැමෝම දන්නවා“ යි රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකා කාක්තා පිල මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටව යන්නේ ආසියානු ශූරියන් ලෙසිනි. ඒ පිළිබඳවද නිහතමානී සිතින් මතක් කර සිටින රුමේෂ් රත්නායක මහතා ඒ පිළිබඳව මතකය අවධි කළේ මෙලෙසිනි. “මම හිතන්නේ නෑ ඒක මම (ආසියානු කුසලාන ජයග්‍රහණය) තනියෙන් කළා කියලා. මොකද මට හොද කැප්ටන් කෙනෙක් නැත්නම් මට හොද කන්ඩායමක් නැත්නම් මට හොද ස්ටාෆ් එකක් හිටියේ නැත්නම් මං හිතන්නේ නෑ මට මේක කරන්න පුලුවන් කියලා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් අපිට මේ දේවල් කරන්න ලබා දුන්න අවස්ථාව ගැන ස්තූතිවන්ත විය යුතුයි“ යැයිද රත්නායක මහතා සඳහන් කර සිටියි.

සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානු කාන්තා කණ්ඩායම සමගින් තරග වැදීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee