slc
logo
Home   |    News
සැප්තැම්බර් 23, 2024
කාන්තා ලෝක කුසලාන නිල ජර්සිය එළිදක්වයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘නිල ක්‍රිකට්‘ ඇඟලුම් සහකරු ලෙසින් කටයුතු කරනු ලබන  Moose Clothing සමාගම විසින් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම භාවිතා කරනු ලබන නිල ජර්සිය එළිදැක්වීමට අද (23 දා) පෙරවරුවේදී පියවර ගනු ලැබීය.

ඔක්තෝම්බර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට නියමි පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද අළුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර ඊට පෙර මූස් ඇඟලුම් සමාගමේ විධායක අධ්‍යක්ෂ හසීබ් ඕමාර් මහතා විසින් නිල ජර්සිය ශ්‍රී ලංකා කාන්තා නායිකාව වූ චමරි අතපත්තු වෙත ලබාදීමට පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රෙය් පැවැති මෙම එළිදැක්වීමට මූස් ක්ලෝතින් සමාගමේ අලෙවි අංශයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු රනිෂ්ක නිලගරත්න සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක යන මහත්වරුද සහභාගිවූහ.

“ලෝකයේ ඇවිදීමේ ප්‍රජාව තුල ප්‍රචලිත, පාරිසරික සුන්දරත්වය ලොවට විදහා දක්වන ශ්‍රී ලංකාවේ සුන්දර තේ වතු මැදින් දිවෙන ඇති රමණීය ‘පෙකෝ’ මාර්ගය සහ ශ්‍රී ලාංකීය තේ සංස්කෘතිය සහ ස්වභාව සෞන්දර්යය ප්‍රේරණය කරමින් නිර්මාණය වූ ශ්‍රී ලංකා ලෝක කුසලාන ජර්සිය එළිදැක්වීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබාගනු ලබන ජයග්‍රහණය හරහා අපේ රටේ නම බැබළෙනු ඇතැයි ද අපේ අපේක්ෂාව වී ඇති හෙයින් කණ්ඩායමට අපගේ උපරිම සහයෝගය ලබා දීමට මෙය අවස්ථාවක් කර ගන්නවා“ යැයි මූස්හි සමාගමේ විධායක අධ්‍යක්ෂ හසීබ් ඕමාර් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar