slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2024
කොළඹ – ගෝල් කණ්ඩායම් දෙක කරට කර සටනක

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ නිමාවූ තරග දෙකකදි කොළඹ පිල කඩුලු 5කින් හා ගෝල් පිල කඩුලු 2කින් ජය තහවුරු කරගෙන ලකුණු සටහනේ කරට කර සටනක සිටිති. මෙම ජයග්‍රහණ සමඟ කොළඹ හා ගෝල් කණ්ඩායම් දෙක ලකුණු සටහනේ ලකුණු 8 බැගින් ලබා සම තත්ත්වයක පසුවන අතර, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කොළඹ (1.999) ඉදිරියෙන් හා ගෝල් පිල (1.051) දෙවැනි තැනට පත්ව ඇත.

හම්බන්තොටදී පැවති කොළඹ – ජැෆ්නා අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් සියලු දෙනා දැවී ලකුණු 161ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පිල කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ජැෆ්නා පිල අඩු ලකුණු ගණනකට සීමා කරමින් පන්දු යැවූ පා දඟ පන්දු යවන 23 හැවිරිදි කවිඳු නදීශාන් කඩුලු 3ක් හා දකුණත් මඳ වේග පන්දු යවන 19 හැවිරිදි අක්මාල් ෆස්ලි කඩුලු 3ක් බිද හෙලූහ. එයට අමතරව ප්‍රමෝද් මධුෂාන් හා දසුන් ශානක කඩුලු 2 බැගින් බිදහෙලා ගත්හ.

ජැෆ්නා පිල සියලු දෙනා දැවී ලකුණු 161 (ඕවර් 31.4)
හසිත බෝයගොඩ 21, නිපුන් කරුණානායක 12, මොහොමඩ් ෂමාස් 41, ළහිරු මධුෂංක 18, පුලින තරංග 15, බිනුර ප්‍රනාන්දු නොදැවී 21 (කවිඳු නදීශාන් 35/3, අක්මාල් ෆස්ලි 41/3, ප්‍රමෝද් මධුෂාන් 36/2, දසුන් ශානක 22/2)

කොළඹ පිල කඩුලු 5ක් දැවී ලකුණු 163 (ඕවර් 25.3)
අවිශ්ක ප්‍රනාන්දු 41, කුසල් පෙරේරා 46, චරිත් අසලංක 32, ක්‍රිෂාන් සංජුල 10, චමිඳු වික්‍රමසිංහ නොදැවී 25 (සඳුන් වීරක්කොඩි 25/2, පුලින තරංග 21/2)

කැන්ඩි – ගෝල්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති කැන්ඩි – ගෝල් අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් සියලු දෙනා දැවී ලකුණු 197ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 198ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ගෝල් පිලේ ජය මාවත විවිර කළ ආරම්භක පිතිකරු යශෝධ ලංකා පන්දු 77කදී හයේ 4ක් හා හතරේ 14ක් සමඟ වේගවත් ලකුණු 110ක් ලබා ගත්තේය. එමෙන්ම ගෝල් පිලේ වමත් දග පන්දු යවන 23 හැවිරිදි මුදිත ලක්ෂාන් කඩුලු 4ක් බිදහෙලා කැන්ඩි පිල අමාරුවේ දැමුවේය.

කැන්ඩි පිල සියලු දෙනා දැවී ලකුණු 197 (ඕවර් 49.1)
තනුක දාබරේ 51, කමීල් මිෂාර 34, සහන් ආරච්චිගේ 12, කවීන් බණ්ඩාර 38, රවිඳ රත්නායක 27 (අකිල ධනංජය 36/2, මුදිත ලක්ෂාන් 23/4, දුනිත් වෙල්ලාලගේ 30/2)

ගෝල් පිල කඩුලු 8ක් දැවී ලකුණු 198 (ඕවර් 33.5)
යශෝධ ලංකා 110, සොහාන් ද ලිවේරා 11, ධනංජය ලක්ෂාන් 41, ජනිෂ්ක පෙරේරා 13 (සහන් ආරච්චිගේ 37/3, යොහාන් මැද්දගේ 59/4)

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee