slc
logo
Home   |    News
සැප්තැම්බර් 22, 2024
ටෙස්ට් තරගයේ තීරණය දෙපිළටම විවෘත වෙයි

sinhala editor

ජයග්‍රහණය සදහා ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනට තරගය නිමා කරන විට කඩුලු 8 කට ලකුණු 207 ක් ලබා ගැනීමට සමත්ව සිටියි. තරගයේ පස්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී නවසීලන්ත කණ්ඩායමට ජය ගැනීමට නම් තවත් කඩුලු 2 ක් තුළදී ලකුණු 68 ක් ලබා ගත යුතු වන අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ එම කඩුලු 2 දවා ගැනීම පමණි.

අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිස සිටින රචින් රවින්ද්‍රන් ලකුණු 91 ක් ලබා තවමත් කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නලලත රැළි ගැන්වීමට ඇති එකම හේතුව බවට පත්ව තිබේ. වමතින් පිත්ත හසුරුවන රවීන්ද්‍රන් තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සරසාගෙන සිටින්නේ අනෙක් අන්තයේ රැඳී සිටින අජාස් පටෙල් සමගිනි. ඔහු ලකුණු නොලබා තරගයේ අවසන් දිනයේදීත් පන්දුවට පහර දීමට සූදානමින් සිටිති.

නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 8 න් 6 කම හිමිකරුවන් බවට පත්වූයේ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසුරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා විය. මොවුන් දෙදෙනාම කඩුලු 3 බැගින් දවාගෙන සිටිති. දිවා ආහාරයට පෙර ඇරැඹි නවසීලන්ත ඉනිමේ දිවා භෝජනයට පෙරම ඩෙවෝන් කෝන්වේ දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත්විය. එහෙත් ටොම් ලෝතම්ට එක්වූ හිටු නායක කේන් විලියම්සන් (30) ලකුණු 45 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. ධනංජය ද සිල්වාගේ පන්දු යැවීම හමුවේ විලියම්සන් ස්ටම්ප් කිරීමටක හසුව දැවී යෑම ශ්‍රී ලංකාවේ එක් හිස රදයක් නිමා කරවන්නක් විය.

එහෙත් අනතුරුව පිටියට පිවිසි රවීන්ද්‍ර සහ බ්ලන්ඩල් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 56 ක් රැස් කරමින් තේ පානය වන විට නවසීලන්ත ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 114 ක් දක්වා ඉහළ දැමූහ. මෙහිදී බ්ලන්ඩල් ලකුණු 30 ක් ලබා ගත්තේය. මුලු ලකුණු සංඛ්‍යාව 152 දී බ්ලන්ඩල් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වීමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තවත් ලකුණු 51 කදී තවත් කඩුලු 3 ක් දවා ගනිමින් තරගයේ වාසිය දෙපිළටම විවෘත කර ගැනීමට සමත්වූහ.

ජනාධිපතිවරණය හේතුවෙන් විවේක දවසකින් අනතුරුව අද ආරම්භ වුණු තරගයේ සිව්වැනි දිනයේදී අජාස් පටෙල් ලබාගත් කඩුලු 6 හේතුවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම 309 සී නිමාවට පත්විය. කඩුලු 4 කට ලකුණු 237 ක්ව තිබියදී දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පටෙල්ගේ පන්දු යැවීම හමුවේ අද දිනයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 72 ක් පමණි. අද දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 6 න් 5 කම හිමිකරුවා බවට පත්වූයේ පටෙල් විය. ඔහුට අමතරව පළමු ඉනිමේදීද කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ විල් ඔරුක් දෙවැනි ඉනිමේදී ලකුණු 49 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගත්තේය.

ජනාධිපතිවරණයට පෙර කඩුල්ලේ රැඳී සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා අද දිනයේදීත් සෙමෙන් සෙමින් ලකුණු රැස් කරමින් ලකුණු 250 සීමාවට ශ්‍රී ලංකා ලකුණු පුවරුව රැගෙන ගියහ. එහෙත් ධනංජය දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම තරමක තැති ගැන්මකට ලක්වීය. අනතුරුව  පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 23 ක් රැස් කිරීමට සමත් වුවත් පටෙල්ගේ කැරකැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවා එකා පිට එකා දැවී ගියහ. අවසානයේ ඉනිම ලකුණු 309 කට සීමා වූයේ නවසීලන්ත පිලට ජයග්‍රාහී ඉලක්කය ලකුණු 275 ක් ලෙස සටහන් කරගනිමිනි.

අද දිනයේදී ඇඳිරි නීතිය මධ්‍යාහ්න 12 දක්වා දීර්ඝ කර තිබූ නමුත් එය ටෙස්ට් තරගයේ ආරම්භයට බාධාවක් නොවීය. සැලසුම් කළ පරිදිම තරගය පෙ.ව. 9.45 ට ආරම්භ විය. ඇඳිරි නීතිය හේතුවෙන් ප.ව. 12. වන තෙක් ක්‍රීඩාංගණයට ප්‍රෙව්ශවීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට තාවකාලිකව අහිමිව තිබිිණ.

කෙසේ වෙතත් තරගයේ අවසන් සහ පස්වැනි දිනය වන හෙට දිනයේදී පෙ.ව. 10.00 ට තරගය ආරම්භ වනු ඇත.   

 ලංකාව පළමු ඉනිම පන්දුවාර 91.5 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි

පැතුම් නිස්සංක 27, දිමුත් කරුණාරත්න 02, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 36, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 11, කුස් මෙන්ඩිස් 50, රමේෂ් මෙන්ඩිස් 14, ප්‍රභාත් ජයසූරිය 00, ළහිරු කුමාර 02, අසිත ප්‍රනාන්දු 00, විලියම් ඔරුක් 55/5, අජාස් පටෙල් 60/2, ග්ලෙන් පිලිප්ස් 52/2

නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 90.5 කදී සියලු දෙනා දැවී ලකුණු 340 යි

ටොම් ලේතම් 70, ඩෙවෝන් කොන්වේ 17, කේන් විලියම්සන් 55, රචින් රවීන්ද්‍රන් 39, ඩැල් මිචෙල් 57, ටොම් බ්ලන්ඩ්ල් 25, ග්ලෙන් පිලිප්ස් 49, මිචෙල් සැන්ට්නර් 02, ටිම් සවුති 03, අජාස් පටෙල් 06, විලියම් ඔරුක් 02, ප්‍රභාත් ජයසූරිය 136/4, ධනංජය ද සිල්වා 31/2, රමේෂ් මෙන්ඩිස් 101/3

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 94.2 කදී සියලු දෙනා දැවී ලකුණු 309 යි

පැතුම් නිස්සංක 02, දිමුත් කරුනාරත්න 83, දිනේෂ් චන්දිමාල් 61, ඇන්ජලෝ මැතිව්ස් 50, කමිඳු මෙන්ඩිස් 13, ධනජය ද සිල්වා 40, කුසල් මෙන්ඩිස් 23, රමේෂ් මෙන්ඩඩිස් 01, ප්‍රභාත් ජයසූරිය 11, ළහිරු කුමාර 00, අසිත ප්‍රනාන්දු 00, අජාස් පටෙල් 90/6, විලියම් ඔරුකි 49/3

නවසීලන්තය දෙවැනි ඉනිම පන්දුවාර 68 කදී කඩුලු 8 ට ලකුණු 207 යි

ටොම් ලේතම් 28, ඩෙවෝන් කෝන්වේ 04, කෙනේ විලියම්සන් 30, රචින් රවීන්ච්‍ර 91*, ඩැරල් මිචෙල් 08, ටොම් බ්ලන්ඩල් 30, ග්ලෙන් පිලිප්ස 04, මිචෙල් සැන්ට්නර් 02, ටිම් සවුති 02, අජාස් පටෙල් 00, රමේෂ් මෙන්ඩිස් 83/3, ප්‍රභාත් ජයසූරිය 66/3, අසිත ප්‍රනාන්දු 05/1, ධනංජය ද සිල්වා 30/1

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee