slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2024
දකුණු අප්‍රිකා ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රබල පිළිතුරක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ පිල හා දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල අතර දකුණු අප්‍රිකාවේ බෙනෝනි විලොව්මෝර් පාක්හි පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල ලකුණු 334කට දවාගත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අද දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2කට ලකුණු 134ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේ තවත් කඩුලු 8ක් අතැතිව ලකුණු 200ක් පිටුපසින් සිටී.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 110කදී හතරේ පහර 10ක් සමඟ නොදැවී ලකුණු 61ක් ලබා සිටින අතර, පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 43ක් ලබා සිටී.

ඊයේ තරගයේ පළමු දිනය නිමා වෙද්දී කඩුලු 7කට ලකුණු 316ක් ලබා සිටි දකුණු අප්‍රිකා ‘ඒ‘ පිලට අද දිනයේ ඉතිරි කඩුලු 3 බිදවැටී ලබාගත හැකි වූයේ තවත් ලකුණු 18ක් පමණි. දකුණු අප්‍රිකා ‘ඒ‘ පිලට පන්දු යැවීමේදී තර්ජනයක් වූ සොනාල් දිනූෂ හා ඒෂාන් මාලිංග කඩුලු 3 බැගින් බිදහෙලූ අතර, ඉසිත විජේසුන්දර කඩුලු 2ක් බිදහෙලීය.

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා ‘ඒ‘ පිලට ආරාධනා කළ අතර, දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල වෙනුවෙන් නෙයිල් බ්‍රෑන්ඩ් පන්දු 253කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 129ක් ලබාගත් අතර, ඩෙවල්ඩ් බ්‍රෙවර්ස් පන්දු 63කදී හයේ 2ක් හා හතරේ 3ක් සමඟ ලකුණු 49ක් ලබා ගත්තේය.

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ පිල හා දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල අතර පැවැති පළමු නිල නොවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජය වාර්තා කළ හෙයින් තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ඉදිරියෙන් සිටී.

දකුණු අප්‍රිකා ‘ඒ‘ පිල සියලු දෙනා දැවී ලකුණු 334 (ඕවර් 92.1)
ටෙපෑන්ග් දිතොල් 27, නෙයිල් බ්‍රෑන්ඩ් 129, මාර්කස් අකර්මන් 37, ඩෙවල්ඩ් බ්‍රෙවර්ස් 49, මිහාලි මපොන්ග්වා 12, බේයර්ස් ස්වැන්පෝල් 34, මිගෙල් ප්‍රිටෝරියස් 34, අතිරේක 16 (ඉසිත විජේසුන්දර 60/2, ජනිත් ලියනගේ 6/1, ඒෂාන් මාලිංග 68/3, නුවනිඳු ප්‍රනාන්දු 34/1, සොනාල් දිනූෂ 48/3)

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 2ක් දැවී ලකුණු 134 (ඕවර් 41)
නුවනිඳු ප්‍රනාන්දු 11, ළහිරු උදාර නොදැවී 61, පවන් රත්නායක 15, පසිඳු සුරියබණ්ඩාර නොදැවී 43 ( බෙයර්ස් ස්වැන්පෝල් 41/1, මිහාලි මපොන්ග්වා 12/1)

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee