slc
logo
Home   |    News
සැප්තැම්බර් 29, 2024
දැවැන්ත ජයක් සමගින් නවසීලන්තයට එරෙහිව වසර 15 කට පසු පූර්ණ ටෙස්ට් සුද්දයක්

sinhala editor

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය තවත් දින එකහමාරක කාලයක් තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද නිමාවූ නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවේය. ඒ සමඟම දෙරට අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් වශයෙන් පූර්ණ සුද්දයක් දැමීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.

 මෙය වසර 2009ට පසු ශ්‍රී ලංකාව නවසීලන්තය පරාජය කොට ලැබූ ටෙස්ට් ජයග්‍රහණයක්වීම විශේෂත්වයකි. වසර 15කට පෙර ගාල්ල හා එස්එස්සී පිටියේ නිමාවූ නවසීලන්තය සමඟ තරගාවලියේදී තරග 2-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලි ජයක් ලැබීමෙන් අනතුරුව දෙරට අතර පැවැති තරගාවලි 6කදී ශ්‍රී ලංකා පිලට ජය වාර්තා කිරීමට නොහැකි විය.

අද සිව්වැනි දිනයට තරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාසිටි අතර, දිවා විවේකයෙන් අනතුරුව සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 360 පමණි.

මෙම තරගාවලි ජයත් සමඟම ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග 9 කට සහභාගිවෙමින් ඉන් තරග 5 ක් ජය ගෙන 55.56% ක ප්‍රතිශතකයක් වාර්තා කරගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ තුන්වැනි ස්ථානය තහවුරු කර ගනිමිනි.

පසු පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත ඉනිම නිසා ශ්‍රී ලංකා ජයග්‍රහණය පමා වීය. මෙහිදී නවසීලන්ත පසුපෙළ පිතිකරුවෝ පැය තුනකට වඩා කාලයක් තරගය රැගෙන ගිය නිසා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබා ගැනීම ප්‍රමාද විය. ඒ අතරතුරදී මිචෙල් සැන්ට්න්ර් ලබා දුන් උඩ පන්දු 3 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් හේ ලකුණු 67 ක් රැස් කර ගත්තේය.

අද දිනයේදී මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින නිශාන් පීරිස් සිය කුළුඳුලු කඩුලු 5 දවා ගැනීමට සමත්වූවේය. තම මංගල ටෙස්ට් තරයේදී කඩුලු 5 ක් දවා ගත් ශ්‍රී ලාංකිකයින් අතරට නිශාන් සිය නම ඇතුළත් කරගත්තේ හත්වැනියා බවට පත්වෙමිනි.

පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි. ශ්‍රී ලංකාවේ පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තේය.

ගාලු තණතිල්ලේ පරාජයෙන් බේරීමට සටන්කාමී ඉනිමක නිරත වූ නවසීලන්ත පිලේ කඩුලු 9 බැගින් බිඳහෙලීමට  ප්‍රභාත් හා නිශාන් සමත් වූ අතර, ටෙස්ට් වරම් දිනාගත් නිශාන් පීරිස්ට මෙය අමතක නොවන තරගයක් විය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පිට පිට 6 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ගාලු තණතිල්ලේ සියලු වාසි ශ්‍රී ලංකා පිල සතු වූවේය.

තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලබාගත් අතර තරගාවලියේ වීරයා වූයේ ප්‍රභාත් ජයසූරියයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ඇ. බ්ලන්ඩෙල් ප. සවුති                 01

දිමුත් කරුණාරත්න දුවද්දී දැවී ගියා             46

දිනේෂ් චන්දිමාල් ප. පිලිප්ස්                                  116

ඇන්ජලෝ මැතිව්ස්                                              88

කමිඳු මෙන්ඩිස් නොදැවී                           182

ධනංජවය ද සිල්වා                                               44

කුසල් මෙන්ඩිස් නොදැවී                          106

අතිරේක                                                19

එකතුව කඩුලු 5කට (ඕවර් 90කදී)                                 602

කඩුලු බිදවැටීම 1 – 2, 2 – 124, 3 – 221, 4- 328, 5 – 402

පන්දු යැවීම: ටිම් සවුති 19 – 1 – 70 – 1, විලියම් ඕ‘රැකී 17 – 1 – 91 – 0, අජාස් පටෙල් 41 – 5 -135 – 0, මිචෙල් සැන්ටර් 33 – 5 – 82 – 0, ග්ලේන් පිලිප්ස් 38  – 4 – 141 – 3, රචින් රවින්ද්‍රා 12.4 – 0 – 54 – 0

ඩැරල් මිචෙල් 3 – 0 – 25 – 0

නවසීලන්ත පළමු ඉනිම

ටොම් ලේතම් ඇ. නිශ්ශංක ප. ප්‍රනාන්දු                   02

ඩෙවන් කෝන්වේ ඇ. ද සිල්වා ප. ජයසූරිය             09

කේන් විලියම්සන් ඇ. ද සිල්වා ප. ජයසූරිය              07

අජාස් පටෙල් ක. මුවා  කළා. ප. ජයසූරිය                08

රචින් රවින්ද්‍රා ප. පීරිස්                                          10

ඩැරල් මිචෙල් ඇ. මැතිව්ස් ප. ජයසූරිය                    13

ටොම් බ්ලන්ඩෙල් ඇ. ද සිල්වා ප. ජයසූරිය              01

ග්ලේන් පිලිප්ස් ඇ. ද සිල්වා ප. ජයසූරිය                 00

මිචෙල් සැන්ටර් ප. පීරිස්                           29

ටිම් සවුති ඇ. ද සිල්වා ප. ජයසූරිය              02

විලියම් ඕ‘ රුක් නොදැවී                           02

අතිරේක                                                05

එකතුව  සියලු දෙනා දැවී (ඕවර් 39.5කදී)                       88

කඩුලු බිදවැටීම 1 – 2, 2 – 19, 3 – 24, 4- 41, 5 – 52, 6 – 53, 7- 53, 8 – 66, 9 – 68, 10 – 88

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 4 – 1 – 8 – 1, නිශාන් පීරිස් 17. 5 – 3 – 33 – 3, ප්‍රභාත් ජයසූරිය 18 – 6 – 42 – 6

නවසීලන්ත දෙවැනි ඉනිම

ටොම් ලේතම් ඇ. නිශ්ශංක ප. පීරිස්                       00

ඩෙවන් කෝන්වේ ඇ. චන්දිමාල් ප. ද සිල්වා           61

කේන් විලියම්සන් ඇ. රමේෂ් මෙන්ඩිස් ප. පීරිස්       46

රචින් රවින්ද්‍රා ප. පීරිස්                                          12

ඩැරල් මිචෙල් ස්ටම්ප් කළා මෙන්ඩිස් ප. පීරිස්                      67

ටොම් බ්ලන්ඩෙල් ක. මුවා  කළා. ප.  පීරිස්             60

ග්ලේන් පිලිප්ස් ඇ. කැරුණාරත්න ප. පීරිස්              78

මිචෙල් සැන්ටර්  ස්ටම්ප් කළා මෙන්ඩිස් ප. පීරිස්      67

ටිම් සවුති ප. ජයසූරිය                                           10

අජාස් පටෙල්  ප. ජයසූරිය                        22

විලියම් ඕ‘ රුක් නොදැවී                           00

අතිරේක                                                03

එකතුව  සියලු දෙනා දැවී (ඕවර් 81.4කදී)                      360

කඩුලු බිදවැටීම 1 – 0, 2 – 97, 3 – 110, 4- 113, 5 – 121, 6 – 216, 7- 280, 8 – 291, 9 – 344, 10 – 360

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 5 – 1 – 14 – 0, නිශාන් පීරිස් 33.4- 4 – 170 – 6, ප්‍රභාත් ජයසූරිය 34 – 2 – 139 – 3, මිලාන් රත්නායක 2 – 0 – 7 – 0, ධනංජය ද සිල්වා 7 – 0 – 28 – 1

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar