ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී යවන ලද පන්දුවාර 4 ඇතුළත අවසන් කඩුලු 2 දවා ගත් ප්‍රභාත් ජයසූරිය නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 63 ක ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 දා) පෙරවරුවේ කැඳවාගෙන ගියේය. ශ්‍රී ලංකාව ලද මෙම තරග ජයත් සමග තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණට පැමිණ සිටින්නේ ලෝක ටෙස්ට් ශූරතාවලියේද තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ ප්‍රභාත් ජයසූරිය 8 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගනිමින් සමස්ථ තරගයේදීම ලකුනු 204 කට කඩුලු 9 ක් දවා ගත්තේය. එම දක්ෂතාවය ප්‍රධාන කොට ඔහුව තරගයේ වීරයා සම්මානයෙන් නම් කරනු ලැබීය.
ලකුණු 68 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් වුණු ජයසූරියගේ පන්දු යැවීම අද දිනයේ සටහන් වූයේ ගාල්ල ක්‍රීඩාංගණයේදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් 7 වැනි අවස්තාව ලෙසිනි. මේ දක්වා ටෙස්ට් තරග 15 කට ක්‍රීඩා කර ඇති වමත් දඟ පන්දු යවන්නා ශ්‍රී ලංකාව වෙනුවෙන් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 88 ක් ලෙස සටහන් වේ.
කඩුලු 8 කට ලකුණු 207 ක් වශනේ දිනය ආරම්භ කල නවසීලන්ත කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 68 ක් රැස් කරගත යුතුව තිබුණත් අද දිනයේදී ඔවුනට රැස් කරගත හැකි වූයේ ලකුනු 04 ක් පමණි. ඒ වන විටත් ලකුණු 91 ක් ලබා සිටි අංක 4 පිතිකරු කඩුල්ලේ රැඳී සිටීම ශ්‍රී ලංකාවට හිස රදයක් වූවේය. කෙසේ වෙතත් ජයසූරිය වවන ලද පළමු පන්දුවාරයේදීම හිසරදය ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට ජයසූරිය සමත්වූවේය. දැවී යනවිටත් පන්දු 168 කට මුහුණ දී සිටි වමත් පිතිකරුවා ඊට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් කර තිබුණේය.
ජයසූරිය විසින් මැද ඉන්න කෙළින් එවන ලද පන්දුව පිත්ත පරයා යමින් රචින්ගේ පසුපස පා ආවරණයේ දැවටීම නිසා ඔහුව දැවී ගිය පිතිකරුවකු ලෙස විනිසුරු සංඥා කළේය. එයද තෙවැනි විනිසුරු දක්වා වූ විතීවි ක්‍රමවේදය දක්වා රැගෙන යෑමට රචින් උත්සුක වූ නමුත් ප්‍රධාන විනිසුරුගේ තීරණයේ වෙනසක් කිරීමට ඊට නොහැකි විය.
අනතුරුව පන්දුව අතට ගත් ධනංජය ද සිල්වා ඊලඟ පන්දු වාරය යැවුවද කඩුල්ල ආරක්ෂා කර ගැනීමට සමත් වුවත්, ඊළඟ පන්දුවාරය යැවීමට පැමිණි ජයසූරිය පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකාවට වඩාත් හිසරදයක් වූ විලියම් ඔරුකිව දවා ගනිමින් තරගයේ ජය ඉක්මන් කළේය.
ලංකාව පළමු ඉනිම පන්දුවාර 91.5 කදී සියලු දෙනා දැවී ලකුණු 305 යි
පැතුම් නිස්සංක 27, දිමුත් කරුණාරත්න 02, දිනේෂ් චන්දිමාල් 30, ඇන්ජලෝ මැතිව්ස් 36, කමිඳු මෙන්ඩිස් 114, ධනංජය ද සිල්වා 11, කුස් මෙන්ඩිස් 50, රමේෂ් මෙන්ඩිස් 14, ප්‍රභාත් ජයසූරිය 00, ළහිරු කුමාර 02, අසිත ප්‍රනාන්දු 00, විලියම් ඔරුක් 55/5, අජාස් පටෙල් 60/2, ග්ලෙන් පිලිප්ස් 52/2
නවසීලන්තය පළමු ඉනිම පන්දුවාර 90.5 කදී සියලු දෙනා දැවී ලකුණු 340 යි
ටොම් ලේතම් 70, ඩෙවෝන් කොන්වේ 17, කේන් විලියම්සන් 55, රචින් රවීන්ද්‍රන් 39, ඩැල් මිචෙල් 57, ටොම් බ්ලන්ඩ්ල් 25, ග්ලෙන් පිලිප්ස් 49, මිචෙල් සැන්ට්නර් 02, ටිම් සවුති 03, අජාස් පටෙල් 06, විලියම් ඔරුක් 02, ප්‍රභාත් ජයසූරිය 136/4, ධනංජය ද සිල්වා 31/2, රමේෂ් මෙන්ඩිස් 101/3
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 94.2 කදී සියලු දෙනා දැවී ලකුණු 309 යි
පැතුම් නිස්සංක 02, දිමුත් කරුනාරත්න 83, දිනේෂ් චන්දිමාල් 61, ඇන්ජලෝ මැතිව්ස් 50, කමිඳු මෙන්ඩිස් 13, ධනජය ද සිල්වා 40, කුසල් මෙන්ඩිස් 23, රමේෂ් මෙන්ඩඩිස් 01, ප්‍රභාත් ජයසූරිය 11, ළහිරු කුමාර 00, අසිත ප්‍රනාන්දු 00, අජාස් පටෙල් 90/6, විලියම් ඔරුකි 49/3
නවසීලන්තය දෙවැනි ඉනිම පන්දුවාර 71.4 කදී සියලු දෙනා දැවී ලකුණු 211 යි
ටොම් ලේතම් 28, ඩෙවෝන් කෝන්වේ 04, කෙනේ විලියම්සන් 30, රචින් රවීන්ච්‍ර 92*, ඩැරල් මිචෙල් 08, ටොම් බ්ලන්ඩල් 30, ග්ලෙන් පිලිප්ස 04, මිචෙල් සැන්ට්නර් 02, ටිම් සවුති 02, අජාස් පටෙල් 00, රවිලියම් ඔරූක් 00, මේෂ් මෙන්ඩිස් 83/3, ප්‍රභාත් ජයසූරිය 68/3, අසිත ප්‍රනාන්දු 05/1, ධනංජය ද සිල්වා 32/1