slc
logo
Home   |    News
සැප්තැම්බර් 11, 2024
පැතුම්ගේ පිතිහරඹය විශිෂ්ඨයි – සනත් ජයසූරිය

sinhala editor

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවට පහර දුන් ආකාරය තමා ඉහළින්ම අගය කරන බවත් ඔහු පහරවල් එල්ල කරන විලාශය නැරැඹීම ද මහත් සතුටක් ගෙන දෙන්නක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය සඳහන් කර සිටියේය.

එංගලනතයට එරෙහිව කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර එම තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු උක්ත අදහස් පළ කර සිටියේය.

පැතුම් පන්දුවට පහර දුන් විලාශය ශ්‍රී ලාංකිකයනටම ආවේණික වු විලාශයකට යැයි කී ශ්‍රී ලංකා පුහුණුකරු මේ වන විට පැතුම් විස්සයි 20 එක්දින තරග සහ ටෙස්ට් යන අංශ තුනෙන්ම හොඳින්ම දස්කම් දක්වන තත්ත්වයකට පත්ව සිටින්නේ යැයි ද කීවේය.

 ප්‍රථම ටෙස්ට් තරගයට පැතුම් නිශ්ශංක සහභාගි නොවුයේ ආබාධයකින් ඔහු පෙළෙමින් සිටි හෙයින් යැයි කී සනත් ජයසූරිය මේ ආරම්භක පිතිකරු ලකුණු තිහක සීමාවට පැමිණෙන්නේ නම් එය ශතකයක් කරාගෙන යාමට තරම් ඔහු දැන් දක්ෂතා අතර පිවිස සිටින්නේ යැයි ද කීය.

ඕනෑම පිතිකරුවකුට පන්දු පණහකදී හෝ ලකුණු 150 රැස් කිරීමට හැකි නම් තමා එය අගය කරන බව කණ්ඩායමටම දැනුම් දී ඇතැයි කියන ජයසූරිය තරග පරාජයවීමට කැමැත්තක් නොදක්වන තමාට අවශ්‍ය වන්නේ තරග දිනන ආකල්පයක් බවත් කීය.

 ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය පිළිබඳව අදහස් දැක් වු සනත් ජයසූරිය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දැක් වු පුහුණුකරු සනත් ජයසූරිය දැක්වුයේ මෙවන් අදහස්ය.

“ටෙස්ට් තරග තුනක තරගාවලියකට මුහුණදීම සඳහා ක්‍රීඩකයන් සකස් කිරීමේ දී අප දින තරගාවලිය ඇරැඹීමට පෙර ක්‍රීඩකයන් අටදෙනකු කලින් එංගලන්තයට යැව්වත් එම කාලවකවානුවත් ටෙස්ට් තරග ආරම්භයට පෙර ලබා දුන් එකම පුහුණු තරගයත් ප්‍රමාණවත් නොවන බව මගේ හැඟීමයි“

“එංගලන්තයේ තණතිලිවල ස්වභාවය, පන්දු දෝලනය වන ආකාරය, පන්දු පතිත කිරීමේ ස්ථානයන් සහ දේශගුණික තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස්. විශේෂයෙන්ම ප්‍රථම ටෙස්ට් තරගය පැවැති මැන්චෙස්ටර් සහ දෙවැන්න පැවැති ලන්ඩනයේ ලෝඩ්ස් හි යම් යම් අවස්ථාවන්හි අප හොඳින් ක්‍රීඩා කළා. ඒත් අපට අවාසි වුයේ නිතරම මුල් ඉනිමේ දී දැක් වු අසාර්ථකත්වයයි“.

“ඕවල් ක්‍රීඩාංගණයේ අවසාන ටෙස්ට් තරගයේදීත් අප ලකුණු 263කට ප්‍රථම ඉනිමේ දැවී ගියත් දෙවන ඉනිමේ දී එංගලන්ත කණ්ඩායම ලකුණු 156කට දවාලීමට අපේ පන්දු යවන්නන් සමත් වුවා. ඉන් පසුව ජයග්‍රහණ ඉලක්කය කරා පහසුවෙන් යාමට අපට හැකි වුයේ පැතුම් සමඟ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දැක් වු දක්ෂතායි“.

“මේ තරගාවලිය පුරාම නායක ධනංජය ද සිල්වාත් තරුණ ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් දැක් වු දක්ෂතා පිළිබඳව මා උපරිමයෙන් සතුටු වනවා. ධනංජය නායකයා ලෙස කණ්ඩායමට සියයට සියයක්ම සහය දුන්නා. කමිඳු මෙන්ඩිස් පිතිකරුවකු ලෙස දැක් වු දක්ෂතා විශිෂ්ටයි“.

“අපගේ වේගපන්දු යවන්නන් සිව්දෙනා එංගලන්ත තණතිලිවල විශාල කාර්යය භාරයයක් ඉටු කළා. අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක හොඳින් පන්දු යැව්වා. මිලාන් රත්නායකට වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස පැහැදිලි අනාගතයක් හිමියි“.

“එංගලන්ත කණ්ඩායමේ පිතිකරණය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ජෝ රූට් පන්දුවට පහරදෙන ආකාරය වටාය. අප මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර රූට් පන්දුවට පහරදෙන විට ඕවරයක දී පන්දුව තණතිල්ල මැද පතිතව යන කෙටි පන්දුවක් සහ යෝකර් පන්දුවක් යවන මෙන් වේගපන්දු යවන්නන්ට උපදෙස් දුන්නා. විශ්ව ප්‍රනාන්දුගේ දෝලනය වන පන්දුවලින් අප එහිදී හොඳින්ම ප්‍රයෝජන ගත්තා“ යැයි ජයසූරිය සදහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee