slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2024
පිතිකරුවන් රජ කරද්දී කමිඳුගෙන් ලෝක වාර්තාවක්

sinhala editor

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පිට පිට 6 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ගාලු තණතිල්ලේ පිතිකරණ අංශයේ වාසිය ලබා අද දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. කමිඳු මෙන්ඩිස් පන්දු 56කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමඟ නොදැවී ලකුණු 51ක් ලබා සිටි අතර, එය ටෙස්ට් පිටියේ නවතම ලෝක වාර්තාව බවට පත්වීම දිනයේ කැපී පෙණෙන සිඳුවීම විය.

ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවෙකු විසින් පළමු තරග හතේදීම ලකුණු 50ක් හෝ 50ට වැඩියෙන් ලකුණු රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක වර්තාව කමිඳු බිදහෙලුවේය. පාකිස්තාන ක්‍රිඩක සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව ඉක්මවා 2022දී පිහිටුවා තිබූ ලෝක වාර්තාව කමිඳු ඊයේ එවැනි අවස්ථා 8ක් වාර්තා කොට පසු කිරීමට සමත් විය. කමිඳු මෙන්ඩිස් මේ දක්වා ටෙස්ට් තරග 8කදී ලැබූ ශතක 4ට අමතරව අර්ධ ශතක 5ක් ලබා ගත්තේය.

තම 16 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අංක තුන පිතිකරු දිනේෂ් චන්දිමාල් පිටිය වර්ණවත් කරමින් මිනිත්තු 271ක කාලයක් තුල පන්දු 208කදී හතරේ පහර 15ක් සමඟ ලකුණු 116ක් ලබා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට එසැවිය. දඟ පන්දු යැවු ග්ලේන් පිලිප්ස්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් චන්දිමාල් දැවී ගිය අතර, එවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 221ක් ලෙස සටහන්ව තිබිණි.

චන්දිමාල් සමඟ තෙවැනි කඩුල්ලට එක්වූ පළපුරුදු පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් තම 44 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ අතර, තෙවැනි කඩුල්ලට සම්බන්ධතාව මිනිත්තු 128කදී පන්දු 205කට මුහුණදී ලකුණු 97ක් විය. ඇන්ජලෝ මැතිව්ස් ඊයේ දිනය නිමාවෙද්දී පන්දු 166කට මුහුණදී, හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 78ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක තරගයේ පළමු ඕවරයේදීම සවුතිගේ පන්දුවකට කඩුලු රකින බ්ලන්ඩෙල් අතට උඩ පන්දුවක්දී ලකුණු 1කට දැවීගිය අතර, මිනිත්තු 144ක කාලයක් කඩුල්ලේ රැදී සිටි දිමුත් කරුණාරත්න දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 46කට දුවද්දී දැවී ගියේය. දිමුත් හා චන්දිමාල් එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 229කදී ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල ශක්තියක් වූවේය.

ඕවර් 80ක් යැවීමෙන් පසු නවසීලන්තය නව පන්දුව ලබාගත් අතර, වේග පන්දු යවන්නන් උපයෝගී කර පීඩනයක් එල්ල කිරීමට සැලසුම් කළේය. එහෙත් නව පන්දුවේ ප්‍රතිඵලය නවසීලන්ත පිලට ලබා ගැනීමේ ඉඩකඩ ශ්‍රී ලංකා පිතිකරුවන් අහිමි කරමින් කඩුලු ලබා නොදුන්හ.

ශ්‍රී ලංකාවේ 167 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අද දින ඉතිහාසගතවූ 27 හැවිරිදි නිශාන් පීරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරාගේ අතින් ටෙස්ට් හිස්වැසුම ලබා ගනිද්දී සහෝදර ක්‍රීඩකයින් ඔහුට සුබ පැතුම් එක්කළහ.

හෙට පෙරවරු 10ට දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ආරම්භ වේ.

ශ්‍රී ලංකා පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ඇ. බ්ලන්ඩෙල් ප. සවුති 01
දිමුත් කරුණාරත්න දුවද්දී දැවී ගියා 46
දිනේෂ් චන්දිමාල් ප. පිලිප්ස් 116
ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 78
කමිඳු මෙන්ඩිස් නොදැවී 51
අතිරේක 14

එකතුව කඩුලු 3කට (ඕවර් 90කදී) 306

කඩුලු බිදවැටීම 1 – 2, 2 – 124, 3 – 221

පන්දු යැවීම: ටිම් සවුති 12 – 1 – 54 – 1, විලියම් ඕ‘රැකී 14 – 1 – 66 – 0, අජාස් පටෙල් 27 – 3 – 51 – 0, මිචෙල් සැන්ටර් 20 – 3 – 51 – 0, ග්ලේන් පිලිප්ස් 16 – 2 – 33 – 1, රචින් රවින්ද්‍රා 1 – 0 – 1 – 0

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar