slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2024
බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සපුරා ගත්හ.

පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක් රැස් කළ නායිකා ශමීමා සුල්තාන් බංග්ලාදේශ ජයග්‍රහණයට මූලිකත්වය ගත්තාය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කර ගන්නා ලද්දේ ලකුණු 112 ක් පමණි.

මෙහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෆාතිමාා ඛාතූන් පන්දුවාර 3 කදී ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ශ්‍රී ලංකා ඒ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ ආරම්භක පිතිකාරිනී කෞෂානි නුත්‍යාංගනා වන අතර ඇය පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 43 ක් ලබා ගත්තාය. ඇයට අමතරව නෙත්මි පූර්ණිමා (27) සමග එක්වූ ඇය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ිලකුණු 72 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීමට සමත්වූවාය.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 112 යි

කෞෂානි නුත්‍යාංගනා 43, නෙත්මි පූර්ණා 27, නිලක්ෂණා සඳමිණී 14*, ෆාතිමා ඛාතූන් 12/3

බංග්ලාදේශ ඒ කණ්ඩායම පන්දුවාර 18.5 කදී කඩුලු 3 ට ලකුණු 113 යි

ශතී රානි 20, ශමීමා සුල්තාන් 48, සෝභනා මෝස්ටර් 28, මල්ෂා ෂෙහානි 22/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee