slc
logo
Home   |    News
සැප්තැම්බර් 15, 2024
බ්‍රෑන්ඩ්ගේ ශතකයෙන් දකුණු අප්‍රිකානු ඒ පිල උඩ යයි

sinhala editor

බෙනෝනි හි අද ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 7 කට ලකුණ 316 ක් ලබා ගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිිලේ නීල් බ්‍රෑන්ඩ් රැස් කරන ලද ලකුණු 122 ක දකුණු අප්‍රිකානු පිලේ කොඳු නාරටිය බවට පත්වූවේය.

තම පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකය ලෙසින් සටහන් වුණු බ්‍රෑන්ඩ්ගේ එම ශතකය සඳහා ඔහු පන්ද් 243 කට මුහුණ දී තිබුණේය. ඒ එයට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ද එක් කර මිනි.

පන්දු යැීමේදී සොනාල් දිනූෂ ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගන්නා අතරතුරේදී එෂාන් මාලිංග කඩුලු 2 ක් ද ජනිත් ලියනගේ සහ නිවනිඳු ප්‍රනාන්දු එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත්වූහ.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ශතක ලාභි බෑන්ඩ් ට අමතරව දිතෝලේ (27), ඒක්‍රම් (37), බ්‍රා‍වෙස් (49), සහ ස්වෙප්නෝල් (34) ලකුණු අතරට පැමිිණීමට සමත්වූහ.හෙට (16 දා) තරගයේ දෙවැනි දිනයයි.

දකුණු අප්‍රිකානු ඒ  පළමු ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 316 යි

ෂෙපෑන්ග් ඩිතෝලේ 27, නීල් බ්‍රෑන්ඩ් 122*, මාර්කීස් අකර්මන් 37, ඩෙවල්ඩ් බ්‍රාෙව්ස් 49, බෙයරස් ස්වෙප්නෝල් 34, එෂාන් මාලිංග 56/2, සොනාල් දිනූෂ 48/3

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee