slc
logo
Home   |    News
සැප්තැම්බර් 19, 2024
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවේදී ඉතිහාසය අලුතින් ලියති

sinhala editor

පවන් රත්නායකගේ වේගවත් ශතකය හේතුවෙන් දකුණ අප්‍රිකානු ඒ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයත් කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව මෙම තරගාවලිය 2-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ සමත්වූහ. දෙරට අතර ඒ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදී තරගාවලි ජයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගාවලිය ඉතිහාසගත විය.

බෙනෝනිහි පැවැති මෙම තරගයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටියදී දකුණු අප්‍රිකානු ‘ඒ‘ ඉනිම අත්හිටුවමින් ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 253 ක ඉලක්කයක් ලබා දුන්නේය. එම ඉලක්කය හඹා යෑමේදී කඩුු 5 ක් පමණක් දැවී ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ ඉලක්කය සපුරා ගත්හ.

මෙහිදී කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක පන්දු 67 කදී ලකුණු 116 ක් ලබා ශ්‍රී ලංකා ඒ ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය. තවමත් විසි දෙහැවිරිදි වියේ සුවන දකුණත් පිතිකරුවා තම ඉනිම සඳහා හතරේ පහර 11 ක් සහ හයේ පහර 7 ක් එල්ල කළේය. මෙය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකය ලෙස සනිටුහන් වද්දී එම තරග දිවියේ ලකුණු 2000 සීමාවද පසුකිරීමට පවන් සමත්වූවේය.

ඔහුට අනගි සහායක් ලබා දෙමින් නායකත්වයේ ඉනිමක් දියත් කළ පසිඳු සූරියබණ්ඩාර පන්දු 67 කදී ලකුණු 52 ක් ලබා ගත්තේය. හතරේ පහර 6 ක් පමණක් ඇතුළත් වුණු පසිඳුගේ අර්ධ ශතකය සටහන් වූයේ ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 14 වැන්න ලෙසිනි. මොවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 136 ක් විය.

ඊට අමතරව පළමු ඉනිමේදී ශතක ලාභි ළහිරු උදාර පන්දු 32 කදී ලකුණු 25 ක්ද නුවනිඳු ප්‍රනාන්දු පන්දු 43 කදී ලකුණු 18 ක්ද ශ්‍රී ලංකා ‘ඒ‘ ජයග්‍රහණය වෙනුවෙන් රැස් කළහ.

දකුණු අප්‍රිකානු ‘ඒ‘ දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට නවතා ගැනීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීම නිරත වූයේ ඉසිත විජේසුන්දර වන අතර ඔහු ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත්තේය. ඔහුට අමතරව මෙහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

දකුණු අප්‍රිකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 334 (92.1) 

ෂෙපිං ඩිතොලේ 27, නීල් බ්‍රෑන්ඩ් 122*, මාකස් ඇකර්මන් 37, ‍ෙඩවල්ඩ් බ්‍රේවිස් 49, බෙයර්ස් ස්වෙන්පෝල් 34, ඉසිත විජේසුන්දර 60/2, එශාන් මාලිංග 68/3, සොනාල් දිනූෂ 48/3

ශ්‍රී ලංකා A කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 319 (90.5) 

ලහිරු උදාර 129, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 92, ඉසිත විජේසුන්දර 21, ප්‍රෙනිලන් සුබ්‍රයන් 64/4, නීල් බ්‍රෑන්ඩ් 45/2

දකුණු අප්‍රිකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 238 (51.2)

ෂෙපාංග් ඩිතොලේ 19, ජීන් ඩු ප්ලෙසිස් 48, ඩෙවල්ඩ ්බ්‍රේවිස් 48, මහිලාලී ප්නොංවානා 19, බේයර්ස් ස්වෙන්පෝල් 19, මොහොමඩ් ශිරාස් 43/2, ඉසිත විජේසුන්දර 23/2, එශාන් මාලිංග 55/2

ශ්‍රී ලංකා A කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 254 (41.3) 

ලහිරු උදාර 25, පසිඳු සූරියබණ්ඩාර 52, පවන් රත්නායක නොදැවී 116, ප්‍රෙනිලන් සුබ්‍රයන් 108/3, ‍බෙයර්ස් ස්වෙන්පෝල් 30/2

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee