slc
logo
Home   |    News
සැප්තැම්බර් 20, 2024
ශ්‍රී ලංකා බාලිකාවියෝ ජයග්‍රහණයකින් තුන්කොන් සටන අරඹයි

sinhala editor

තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම, නවසීලන්ත බාලිකා පිලට එරෙහිව තරග වැදි පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රෙව්ශයක් අත්කරගැනීමට අද (19 දා) සමත්විය.

බ්‍රිස්බේන්හි ඇලන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා අවු. 19 න් පහළ බාළිකා පිල පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 148 ක් රැස් කිරීමට සමත්වූවාය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී නවසීලන්ත බාලිකා පිල පන්දුවාර 17.3 කදී ලකුණු 79 කට සීමා කිරීමට ශ්‍රී ලංකා බාලිකා පන්දු යවන්නියෝ සමත්වූහ.

පන්දු යැවීමේදී ප්‍රමුදි මෙත්සරා ලකුණු 06 කට කඩුලු 3 ක් දවා ගනිද්දී රශ්මිකා සෙව්වන්දි, චමුදි ප්‍රෙබා්ධා සහ අසේනි තලගුණේ කඩුලු 2 බැගින් දවා ගත් පන්දු යවන්නියෝ බවට පත්වූහ. මොවුන් සිව්දෙනාගේ දක්ෂ පන්දු යැවීම හමුවේ නවසීලන්ත බාලිකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වීමට ආරම්භක පිතිකාරිනියක වූ එව් වුඩ්ලන්ඩ් (24) පමණක් සමත්වූවාය. ඇයට අමතරව ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ අනිකා ටොඩ් (12) පමනි.

පන්දුවට පහර දීමේදී ආරම්භක පිතිකාරිණී සංජනා කාවින්දි ලකුණු 30 ක් රැස් කිරීමට සමත් වුවත්, අනෙක් ආරම්භක පිතිකාරිනිය වූ හිරුනි හංසිකා දුවද්දී දැවී යෑමත් අංක 3 පිතිකාරිණී විමෝක්ෂා බාලසූරිය මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යෑමත් නිසා ආරම්භය තරමක් අසාර්ථක එකක් විය. කෙසේ වෙතත් සුමුදු නිසංසලා සමග එක්වුණු සංජනා කාවින්දි තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල අසීරුතාවයෙන් මුදවා ගත්හ.

මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි රශ්මිකා සෙව්වන්දි පන්දු 19 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කරමින් රැස් කරන ලද වේගවත් ලකුණු 36 ක ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා බාලිකාවන්ට ලකුනු 150 සීමාව ආසන්නයට පැමිණීමට අවස්ථාව උදාවිය. මෙහිදී රශ්මිකාගේ ඉනිම නොබිඳිව පැවැතීමද කැපී පෙනිණ.

ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 104 දී බිඳ වැටුණේ ඉනිම අවසානයට පන්දු 21 ක් ඉතිරිව තිබියදීය. කෙසේ වෙතත් රශ්මි නේත්‍රාංජලීට එක්වූ සෙව්වන්දි 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 16 කදී එක් කරන ලද ලකුණු සංඛ්‍යාව 37 ක් විය. ඉන් ලකුණු 32 ක්ම රශ්මිකාගේ පිත්තෙන් වාර්තා වූවා විය.

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 148 යි

සංජනා කාවින්දි 30, සුමුදු නිසංසලා 16, මනුදි නානායක්කාර 19, දහමා සෙනෙත්මා 13, රශ්මිකා සෙව්වන්දි 36*, අනිකා ටොඩ් 20/3

නවසීලන්ත බාලිකා කණ්ඩායම පන්දුවාර 17.3 කදී ලකුණු 79 යි

එව් වොලන්ඩ් 24, අනිකා ටොඩ් 12, රහ්මිකා සෙව්වන්දි 14/2, චමුදි ප්‍රෙබා්ධා 17/2, අසේන තලගුණේ 16/2, ප්‍රමුදි මෙත්සරා 06/3

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee