slc
logo
Home   |    News
සැප්තැම්බර් 14, 2024
සහන් කෝසලගෙන් ශතකයක්

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් අන්තර් සමාජ අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ අද (13) ආරම්භ වු කැන්ඩි කස්ටම් – එස්.එස්.සී. තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදෙන කැන්ඩි කස්ටම් කණ්ඩායමේ අංක පහ පිතිකරු සහන් කෝසල ලකුණු 109ක් රැස් කරමින් දිනයේ එකම ශතකය වාර්තා කිරීමට සමත් විය.

 කැන්ඩි කස්ටම් කණ්ඩායමේ සහන් කෝසල මෙදින ලකුණු 109ක් රැස් කළේ පන්දු 96කදී හතරේ පහර 18ක් සමඟිනි. සහන් කෝසල සහ අංක අට පිතිකරු ෂෙනාස් ප්‍රනාන්දු කැන්ඩි කස්ටම් කඩුලු හයකට ලකුණු 104ක් ලබා අසීරු තත්ත්වයක සිටිය දී හත්වන කඩුල්ලට පන්දු 128කදී ලකුණු 106ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම අසීරු තත්ත්වයෙන් ගොඩ ගත්හ.

 ෂෙනාස් ප්‍රනාන්දු පන්දු 82කට මුහුණ දී හතරේ හතරක් හයේ තුනක් සමඟ ලකුණු 45ක් ලැබීය. කැන්ඩි කස්ටම් මුල් ඉනිමේ දී සියල්ල දැවී රැස් කළ ලකුණු 231ට පිළිතුරු ලෙස දිනය නිම වන විට එස්.එස්.සී. මුල් ඉනිමේ දී කඩුලු තුනකට ලකුණු 83ක් ලබා සිටියේය. එස්.එස්.සී. කණ්ඩායමේ කවිඳු නදීෂාන් මෙදින ලකුණු 55කට කඩුලු හතරක් දවාලීමට සමත් විය.

 මේ අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද ආරම්භ වු චිලව් මේරියන්ස් – ටැමිල් යුනියන් තරගයේ දී ටැමිල් යුනියන් කාසියේ වාසිය දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළේය. චිලව් මේරියන්ස් කණ්ඩායමේ අෂේන් රුද්‍රිගෝ පන්දු 117කදී හතරේ පහරක් සමඟ ලකුණු 50ක් රැස් කර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ටැමිල් යුනියන් මෙදින සිය මුල් ඉනිම සඳහා ලකුණු 228ක් රැස් කළේය.

  • කැන්ඩි කස්ටම් – එස්.එස්.සී

 කැන්ඩි කස්ටම් මුල් ඉනිම සියල්ල දැවී 231 (පන්දුවාර 58.2) – (සහන් කෝසල 109, සෙනාෂ් ප්‍රනාන්දු 45, සදීෂ් ජයවර්ධන 26, කවිඳු නදීෂාන් 55/4, නිම්නක ජයතිලක 83/3, ෂෙහාන් හසරංග 40/2)

එස්.එස්.සී. මුල් ඉනිම කඩුලු 3ට 83 (පන්දුවාර 19යි) – (සදීෂ රාජපක්ෂ නොදැවී 45, රනුද සෝමරත්න නොදැවී 15, ෂෙවොන් ඩැනියල් 14, ශක්ති උදාර 30/2යි)

  • චිලව් මේරියන්ස් – ටැමිල් යුනියන්

 චිලව් මේරියන්ස් මුල් ඉනිම සියල්ල දැවී 228 (පන්දුවාර 77යි) – (අෂේන් රුද්‍රිගෝ 50, කවිඳු නිර්මාණ 30, පැතුම් සමිඳ නොදැවී 34, තිමිර ඉරුෂ්ක 26, ජනෙත් කෞෂාල් 26, සචින් සුරේෂ් 18, කවිඳු දිල්හාර 43/3, තීෂාන් විතුෂාන් 79/3, විහස් තෙව්මික 71/2යි)

 ටැමිල් යුනියන් මුල් ඉනිම කඩුලු 2ට 49යි (පන්දුවාර 11යි) – (සිනෙත් ජයවර්ධන 18, ෂානුක ගලගොඩ 14, තිමිර ඉරුෂ්ක 13/2)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar