slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2024
කලම්බු දැවැන්ත ජයක් ලබද්දී දඹුල්ල 67 කට දැවී යයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (04 දා) අවසන් වුණු තරග වලදී චරිත් අසලංකා සහ දසුන් ශානක ශතක වාර්තා කිරීමටට සමත්වූහ. කැන්ඩි කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කලම්බු නායක චරිත් අසලංක වාර්තා කරන ලද්දේ මෙවර තරගාවලියේ දෙවැනි ශතකය වීම කැපී පෙනෙයි.

අසලංක විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි ශතකය ලෙසින් සටහන් වුණු මෙම කරයේදී ඔහු පන්දු 137 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 138 ක් ලබා ගත්තේය. ඔහුගේ අනෙක් ශතක සහායකයා වූ කලම්බු කණ්ඩායමේ දසුන් ශානක  පන්දු 90 කට මුහුණ දෙමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 103 ක් රැස් කර ගත්තේය.

මොවුන්ගෙ මේ ශතක සම්බන්ධතා සහිත ඉනිම් හේතුවෙන් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායමට කඩුලු 8 ක් දැවී ලකුණු 342 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට අවස්ථාව උදාවිය. එම ඉලක්කය හඹා යෑමේදී කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 38.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 178 ක් පමණි. පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ලමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූවේය. ඒ අනුව කැන්ඩි පිලට එරෙහිව ලකුණු 164 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කණ්ඩායමට අවස්ථාව උදාවිය.

මේ අතර අද දිනයේදී පැවැති අනෙක් තරගය වූ දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදීි දඹුල්ල කණ්ඩායම ලකුණු 67 කට සීමා වීම කැපී පෙනිණ. මෙහිදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු ගෝල් කණ්ඩායමේ දිනුක ඩිල්ෂාන් ලකුණු 12කට කඩුලු 4 ක් දවාලීමට සමත්වූවේය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගය පන්දුවාර 39 කට සීමා වෙමින් පැවැති අතර එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීම සඳහා ගෝල් කණ්ඩායම දඹුලු පිලට ආරාධනා කර සිටියේය. දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවේ වූයේ අංජල බණ්ඩාර වන අතර ඔහු ලකුණු 34 ක් ලබා ගත්තේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී කඩුලු 3 ක් දැවී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ පන්දු වාර 6 ක් පමණක් ලකුණු පුවරුවේ නිමාව තිබියදීය.

කලම්බු – කැන්ඩි

කලම්බු පන්දුවාර 50 කදී කඩුලු 8 කට ලකුණු 342 යි –

චරිත් අසලංක 138, දසුන් ශානක 103, චාමික කරුණාරත්න 78/2, නිපුන් රන්සික 29/3, ලසිත් ඇඹුල්දෙණිය 49/2

කැන්ඩි පන්දුවාර 38.5 කදී සියලු දෙනා දැවී ලකුණු 178 යි

සිතර ගිම්හාන 37, කවීන් බණ්ඩාර 57, රවීන් ද සිල්වා 20*, දසුන් ශානක 22/3, දිලුම් සුදීර 19/2, විහස් චෙව්මික 27/2

දඹුල්ල – ගෝල්

දඹුල්ල පන්දුවාර 21.4 කදි සියලු දෙනා දැවී ලකුණු 67 යිි

අංජල බණ්ඩාර 34, දිනුක ඩිල්ෂාන් 12/4 ශිරාන් ප්‍රනාන්දු 10/3

ගෝල් පන්දුවාර 5.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 67 යි

යශෝධ ලංකා 34, සොහාන් ඩි ලිවේරා 10, මුදිත ලක්ෂාන් 13*, ගයන වීරසිංහ 09/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee