slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2024
බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ පිලට පහසු ජයක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 දා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සපුරා ගත්හ.

පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 48 ක් රැස් කළ නායිකා ශමීමා සුල්තාන් බංග්ලාදේශ ජයග්‍රහණයට මූලිකත්වය ගත්තාය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කර ගන්නා ලද්දේ ලකුණු 112 ක් පමණි.

මෙහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ෆාතිමාා ඛාතූන් පන්දුවාර 3 කදී ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ශ්‍රී ලංකා ඒ පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ ආරම්භක පිතිකාරිනී කෞෂානි නුත්‍යාංගනා වන අතර ඇය පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 43 ක් ලබා ගත්තාය. ඇයට අමතරව නෙත්මි පූර්ණිමා (27) සමග එක්වූ ඇය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 73 කදී ිලකුණු 72 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීමට සමත්වූවාය.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 112 යි

කෞෂානි නුත්‍යාංගනා 43, නෙත්මි පූර්ණා 27, නිලක්ෂණා සඳමිණී 14*, ෆාතිමා ඛාතූන් 12/3

බංග්ලාදේශ ඒ කණ්ඩායම පන්දුවාර 18.5 කදී කඩුලු 3 ට ලකුණු 113 යි

ශතී රානි 20, ශමීමා සුල්තාන් 48, සෝභනා මෝස්ටර් 28, මල්ෂා ෂෙහානි 22/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee