slc
logo
Home   |    News
සැප්තැම්බර් 19, 2024
බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ තරගාවලිය 4-1 කින් දිනති

sinhala editor

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ සහභාගිවුණු පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (19 දා) පස්වරුවේදී සමත්විය. ඒ අනුව දෙරට අතර තරගාවලිය 4-1 ක ලෙස ජය ගැනීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ඒ ක්‍රීඩිකාවෝ සමත්වූහ.

බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායමේ නායිකාවගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 54 කට දවාලීමට බංග්ලාදේශ පන්දු යවන්නියෝ සමත්වූහ. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 16.2 කදී හමාර විය. ප්දු යැවීමේදී රබීයා ඛාන් කඩුලු 4 ක් දවා ගනිද්දී ෆාහිමා ඛාන්, නහිඩා අක්ටර් සහ මරුෆා අක්ටර් කඩුලු 2 බැගින් දවාගත් පන්දු යවන්නියන්ගේ සමාජිකාවෝ වූහ.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී බංග්ලාදේශ ඒ පිතිකාරිණියෝ ඒ සඳහා පන්දුවාර 11.4 ක් වැය කළේ කඩුලු 2ක් පමණක් ප්‍රතිවාදී න් හමුවේ ලබා දෙමිනි. මෙහිදී වේගවත් පිතිහරඹයක නියැළිණු ඩිලාරා අක්ටර් පන්දු 34 කින් ලකුණු 33 ක් රැස් කර ගත්තාය.

ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම වෙනුවෙන් ලකුනු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූ එකම පිතිකාරිණිය බවට පත්වූයේ චේතනා විමුක්ති වන අතර ඇය පන්දු 20 කදී ලකුණු 11 ක් ලබා ගත්තාය.

ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 16.2 කදී සියලු දෙනා දැවී ලකුණු 54 යි

චේතනා විමුක්ති 11, රබීයා ඛාන් 07/3, ෆාහිමා ඛාන් 09/2, නහිඩා අක්ටර් 10/2, මරූෆා අක්ටර් 14/2

බංග්ලාදේශ කාන්තා ඒ කන්ඩායම පන්දුවාර 11.4 කදී කඩුලු 2 ක් දැවී ලකුනු 56 යි

ඩිලාරා අක්ටර් 33*, නිගර් සුල්තානා 14*,චේතනා විමුක්ති 05/1, නිමේෂා මදුශානි 09/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee