slc
logo
Home   |    News
සැප්තැම්බර් 15, 2024
බ්‍රෑන්ඩ්ගේ ශතකයෙන් දකුණු අප්‍රිකානු ඒ පිල උඩ යයි

sinhala editor

බෙනෝනි හි අද ආරම්භ වුණු දෙවැනි නිල නොවන සිවුදින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම කඩුලු 7 කට ලකුණ 316 ක් ලබා ගැනීමට සමත්විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිිලේ නීල් බ්‍රෑන්ඩ් රැස් කරන ලද ලකුණු 122 ක දකුණු අප්‍රිකානු පිලේ කොඳු නාරටිය බවට පත්වූවේය.

තම පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකය ලෙසින් සටහන් වුණු බ්‍රෑන්ඩ්ගේ එම ශතකය සඳහා ඔහු පන්ද් 243 කට මුහුණ දී තිබුණේය. ඒ එයට හතරේ පහර 11 ක් සහ හයේ පහරක් ද එක් කර මිනි.

පන්දු යැීමේදී සොනාල් දිනූෂ ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගන්නා අතරතුරේදී එෂාන් මාලිංග කඩුලු 2 ක් ද ජනිත් ලියනගේ සහ නිවනිඳු ප්‍රනාන්දු එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත්වූහ.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ශතක ලාභි බෑන්ඩ් ට අමතරව දිතෝලේ (27), ඒක්‍රම් (37), බ්‍රා‍වෙස් (49), සහ ස්වෙප්නෝල් (34) ලකුණු අතරට පැමිිණීමට සමත්වූහ.හෙට (16 දා) තරගයේ දෙවැනි දිනයයි.

දකුණු අප්‍රිකානු ඒ  පළමු ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 316 යි

ෂෙපෑන්ග් ඩිතෝලේ 27, නීල් බ්‍රෑන්ඩ් 122*, මාර්කීස් අකර්මන් 37, ඩෙවල්ඩ් බ්‍රාෙව්ස් 49, බෙයරස් ස්වෙප්නෝල් 34, එෂාන් මාලිංග 56/2, සොනාල් දිනූෂ 48/3

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar