slc
logo
Home   |    News
සැප්තැම්බර් 4, 2024
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලට තරගාවලියක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා බංග්ලදේශ කාන්තා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 05 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප.ව. 3.30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙන බංග්ලාදේශ කාන්තා ‘ඒ‘ කණ්ඩායම ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ පිලට එරෙහිව නිල නොවන එක්දින තරග 2 කට සහ විස්සයි-20 තරග 5 කට සහභාගිවීමට නියමිතය.

දෙරට අතර පළමු තරගය මේ මස 08 වැනිදා පනාගොඩදී පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් ආරම්භ වනු ඇත. තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් නිමාවට පත් වනු ඇත.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar