slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2024
46 වැනි පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රධානය අද

sinhala editor

ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන මෙවර පැවැත්වෙන්නේ 46 වැනි වර්ණ ප්‍රදානය වේ. ඒ අනුව මෙවර සම්මාන ප්‍රධානය සම්මාන 108 කින් යුක්ත වන අතර එහි වඩාත්ම ආකර්ශනීය සම්මානය වන වසරේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙසින් ශ්‍රී ලංකා අවු. 19 න් පහළ කණ්ඩායමේ නායක දිනුර කලුපහන සහ ජාතික කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න සම්මාන ලැබීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ පාසල් වර්ණ ප්‍රධානය අද (26 දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ප.ව. 3 ට ආරම්භ වනු ඇත.

මෙම වර්ණ ප්‍රධානයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහභාගිවනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ආචාර්ය ජයන්ත ධර්මදාස, වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, උප භාණ්ඩාගාරික ලසින්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුන්ට අමතරව විධායක කමිටු සාමාජික මහත්වරුද සහභාගිවීමට නියමිතව සිටිති. ඊට අමතරව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා ඇතුළු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේ නිලදාරීන්ද මෙම අවස්ථාවට එකතු වනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar