slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2024
‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය නුවනිඳුට

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ එන කණ්ඩායමේ නායකයා ලෙසින් ඉදිරි පෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දුව නම් කර තිබේ. මෙම තරගාවලිය ආසියානු කරයේ නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන නමුත් ශ්‍රී ලංකාවෙන් ‘ඒ‘ කණ්ඩායම නම් කර යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද නැගී එන කණ්ඩායමට පළ පුරුදු දඟ පන්දු යවන්නකු වන රමේෂ් මෙන්ඩිස් ද ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායම නියෝජනය කරන ලද සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත නම් කරන ලද සංචිතයට ඇතුළත්ව සිටිති. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට බැගින් ක්‍රීඩා කරන ලද ළහිරු උදාර, ලසිත් කෘෘස්පුල්ලේ සහ නිමේෂ් විමුක්තිද මෙම කණ්ඩායමට එක්ව සිටිති.

මෙම තරගාවලිය ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා ඕමානයේ මස්කටු අගනුවර පැවැත්වෙන අතර ඒ සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝම්බර් 15 වැනිදා ඕමානය බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම – ළහිරු උදාර, යශෝධ ලංකා, ලසිත් කෘෘස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු (නායක), සහන් ආරච්චිගේ, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දිනුර කලුපහන, කවිදු නදීෂාන්, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රන්සික, ඉසිත විජේසුන්දර, එෂාන් මාලිංග.

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee