ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිටපු සුදු පන්දු නායක දසුන් හානක ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඉකුත් ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගාවලියේදී කණ්ඩායමේ නොසිටි ඉදිරි පෙළ පිතිකරු භානුක රාජපක්ෂ සහ ජෙෆ්රි වැන්ඩර්සි කණ්ඩායමට එක් කිරීමට තේරීම් වලදී පියවර ගෙන තිබේ.
17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ඉන්දීය තරග සංචාරයට නම් කරන ලද කණ්ඩායමෙන් ඇතුළත්ව නැති එකම ක්‍රීඩකයා වන්නේද දසුන් ශානක වේ. මැද පෙළින් පැමිණ දැවැන්ත පහර එල්ල කළ හැකි ක්‍රීඩකයින් ලෙසින් දසුන් ශානක හැඳුන්වන නමුත්, ඔහුගේ සේවය භානුකගෙන් ලබා ගැනීම කෙරෙහි තේරීම් කමිටුවේ අවදානය වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ගුණවර්ධන, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සි