slc
logo
Home   |    News
ඔක්තෝබර් 15, 2024
ජාත්‍යන්තර තරු පිරිවරා එන ටී-10 ලීගයට ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි

sinhala editor

ප්‍රථම වතාවට පවත්වනු ලබන පන්දුවාර විස්සයි-10 යි ක්‍රිකට් තරගාවලි සඳහා වන ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කවුලුව (Portal) ඔක්තෝම්බර් මස 15 වැනිදා ප.ව. 6.00 සිට  ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ.

www.srilankacricket.lk වෙබ් අඩෙවියේ පිහිටුවා ඇති මෙම කවුලුව හරහා දේශීය මෙන්ම එතෙර ක්‍රීඩකයින්ටද සිය අයැදුම්පත් භාර දීම සිදු කළ හැක. මෙම තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයින් ලබන ඔක්තෝම්බර් මස 23 වැනිදා දින ප.ව. 6.00 ට හෝ ඊට පෙර තම ලියාපදිංචි කිරීම සම්පූර්ණ කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් මෙන්ම ලොව ඉහළම පෙළේ ජාත්‍යන්තර තරු සහිතව ශ්‍රී ලාංකේය ක්‍රිකට් දින දර්ශනයට අලුතින්ම ඇතුළත් වන මෙම ටී-10 තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර එක් කණ්ඩායමකට ජාත්‍යන්තර ක්‍රීඩකයින් 7 දෙනෙකු ද සමඟ සමස්ථ කණ්ඩායම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුක්ත වේ.

මෙම තරගාවලියේ අයිතිය T Ten Sports Management FZC, T TEN Global Sports FZE සතු වන අතර මෙහෙයවීම අයි.පී.ජී. (Innovative Production Group FZE) ආයතනය විසින් සිදුකරනු ලබයි.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee