slc
logo
Home   |    News
ඔක්තෝබර් 13, 2024
නවසීලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 8 ක පරාජයක්

sinhala editor

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් තරගයෙන් කඩුලු 8ක පරාජයක් හිමි විය. සාජා ක්‍රීඩාංගණයේ අද (12) පැවැති නවසීලන්තය සමඟ තරගයේදී ශ්‍රී ලංකා පිල හොද ආරම්භයක් ලබා ගත්තද එය ජයග්‍රාහී අවසනායක් කරා ගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අසමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දු 15ක් ඉතිරිව තිබියදී ඉලක්කය සම්පූර්ණ කර ගත්හ. 

ශ්‍රී ලංකා ඉනිම විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 26ක සබඳතාවක් එක් කළහ. විශ්මි ගුණරත්න ලකුණු 8ක් ලබා සිටියදී දැවී ගිය අතර. චමරි අතපත්තු සහ හර්ෂිතා සමරවික්‍රම 2 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ගොඩ නැගූ අතර, චමරි අතපත්තු පන්දු 41කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 35ක් ලබා ගත්තාය. එම ලකුණු ගණන ශ්‍රී ලංකා පිතිකාරිනියක් මෙවර තරගාවලියේ ලබාගත් ඉහළම ලකුණු ගණන වීම විශේෂත්වයකි. චමරි දැවී ගොස් පන්දු 5කදී අනෙක් අන්තයේ සිටි හර්ෂිතා සමරවික්‍රම දැවී යෑම ශ්‍රී ලංකා ලකුණු වේගය අඩු කිරීමට හේතුවක් විය. හර්ෂිතා ක්‍රීඩාගාරයට යද්දී පන්දු 29කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 18ක් ලබා සිටියාය.

අනුෂ්කා සංජීවනී ලකුණු 5ක් ලබාගත් අතර, කවීෂා දිල්හාරී ලකුණු 10කට දැවී ගියාය. නිලක්ෂිකා සිල්වා පන්දු 11කට මුහුණදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 14ක් හා අමා කාංචනා පන්දු 9කදී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 10ක් ලබා ගත්හ.

නවසීලන්ත ඉනිම ආරම්භ කළ සුසී බේට්ස් හා ජෝජියා පිල්මියර් පළමු කඩුල්ලට ඕවර් 7.3කදී ලකුණු 49ක් එක් කළ අතර, බේට්ස් පන්දු 22කට මුහුණ දී හතරේ පහරක් සමඟ ලකුණු 17ක් ලබා ගත්තාය. නවසීලන්ත ඉනිමේ කඬුල්ලක් අවශ්‍යව තිබූ මොහොතේ සචිනි නිසංසලාගේ පන්දුවක් කෙලින්ම කඬුල්ලේ වැදීමෙන් බේට්ස් දැවී ගියාය.

නවසීලන්ත ඉනිමට ජිවයක් ගෙනදුන් ජෝජියා පිල්මියර් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනීම තුරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ද හේතු විය.  නවසීලන්තය ජයග්‍රහණය වාර්තා කරද්දී අමෙලියා කර් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 34ක් හා සොපියා දෙවිනි පන්දු 8කදී හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 13ක් ලබා සිටියහ.
 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල කඩුලු 5ක් දැවී ලකුණු 115 (20.0) 
චමරි අතපත්තු 35, හර්ෂිතා සමරවික්‍රම 18, කවීෂා දිල්හාරි 10, නිලක්ෂි ද සිල්වා නොදැවී 14, අමා කාංචනා නොදැවී 10 ( ලෙගී කැස්පර්ස්ක් 27/2, අමෙලියා කර් 13/2)

නවසීලන්ත කාන්තා ක්‍රිකට් පිල කඩුලු 2ක් දැවී ලකුණු 118 (17.3) 
සුසී බේට්ස් 17, ජෝජියා පිල්මියර් 53, අමෙලියා කර් නොදැවී 34, සොපියා දෙවිනි නොදැවි 13 (චමරි අතපත්තු 8/1, සචිනි නිසංසලා 24/1)

 

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee