slc
logo
Home   |    News
ඔක්තෝබර් 7, 2024
පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සහ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය එලෙස නිර්දේශ වී සිටින ක්‍රීඩකයෝ දෙදෙනා බවට පත්ව සිටිති.

අන්තර්ජාතික ක්‍රිකට් සබාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් සිදුකරනු ලබන ඇගැයීමකින් පසුව මාසයේ දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගැනීම සිදුකරනු ලබයි.

ඒ අනුව මේ දක්වා තමන් ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 8 දීම අර්ධ ශතක ලබා ගනිමින් ටෙස්ට් ඉනිම 13 කදී ලකුණු 1000 සීමාව කඩඉම පසු කළ කමිඳු නවසීලන්ත පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සතුව පැවැති වාර්තාවක්ද සම කිරීමට සමත්වූවේය. තමන් ක්‍රීඩා කරන ලද 13 වැනි ටෙස්ට් ඉනිමේදී 1000 වැනි ටෙස්ට් ලකුණ සම්පූර්ණ කර ගත් කමිදු වසර 75 කින් පෙමිටින් එවන් දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍යයද උදා කර ගත්තේය.

මේ අතර නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග 2 දී නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 40 න් කඩුලු 18 ක් තමන් සතු කර ගත් ප්‍රභාත් ජයසූරියද එම තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. ඔහුගේ දක්ෂතාව නිසාම ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට අවස්ථාව උදා විය.

මොවුන් දෙදෙනා හැරුණු විට ඔස්ට්‍රේලියානු පිලේ තන් ඉරියව් ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ද මෙම විශිෂ්ඨතයින්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයා වන්නේය. ඔහු ස්කොට්ලන්තයට සහ එංගලන්තයට එරෙහි පැවැති තරගාවලිවලදී පිතිකරුවකු ලෙස ලකුණු 430 ක් සහ කඩුලු 6 ක් දවා ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අවධානයට පාත්‍ර වූවේය.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar