ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි තරග ජය වාර්තා කිරීමට සමත්විය. මීට අමතරව අද (30 දා) පැවැති අනෙක් තරගයෙන් ඒස් කැපිටල් කණ්ඩායම විසින් බී.ආර්.සී. පිලට එරෙහිව ජය වාර්තා කිරීමට සමත්විය.
බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති එම තරගයේදී පානදුර කණ්ඩායමේ අවසන් පිතිකාරිණිය වුණු යසන්ති හේරත්ගේ පිති හරඹය දිනයේ කැපී පෙනුණි. ඇය විසින් රැස් කරන ලද්දේ එක් ලකුණක් වුවත්, ඉනිමේ අවසන් පිතිකාරිණිය ලෙසින් පිටියට පිවිස පැයකට ආසන්න කාලයක් පිටියේ රැඳී සිටිමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දුන් දායකත්වය කැපී පෙනිණ. රශ්මිකා සෙව්වන්දි සමඟ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 32 ක සම්බන්ධතාවක් පැවැත්වීමට ඇය දායකත්වය දැක්වූයේ ඒ සඳහා පන්දු 94 ක් වැය කරමිනි.
පන්දු යැවීමේදී ඇය ලකුණු 08 ක් ඇතුළත ප්‍රතිවාදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය. රශ්මිකා සෙව්වන්දි කණ්ඩායමේ වැඩිමලකුණු ලාභිණිය වෙමින් පන්දු 71 කදී හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 43 ක් රැස් කර ගත්තේ තම ඉනිම නොබිඳිව තබාගනිමිනි.
බදුරලිය පන්දුවාර 31.4 කදී ලකුණු 73 යි
නෙතෙඟි ඉසුරාංජලී 18, සාවින්දි කුරේ 10/4, යසන්ති හේරත් 08/3
පානදුර පන්දුවාර 31.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 74 යි
රශ්මිකා සෙව්වන්දි 43*, රශ්මි නේත්‍රාංජී 09/3, ෂෙහාරා ඉඳුවරී 28/3
ඒස් කැපිටල් කණ්ඩඩායමට කඩුලු 8 ක ජයක්
බී.ආර්.සී. පන්දුවාර 45.2 කදී ලකුණු 77 යි
මහින්දි ආරච්චිගේ 10, දැහැමි සෙනෙත්මා 19/2, සුගන්දිකා පතිරණ 10/2, ජනාධි අනාලි 10/2, දෙවඟි ජෙගනාදන් 11/2
ඒස් කැපිටල් පන්දුවාර 19 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 78 යි
හෂිනි ඉන්ද්‍රජිත් 32*, දැහැමි සෙනෙත්මා 24*