slc
logo
Home   |    News
ඔක්තෝබර් 27, 2024
පියුමි වත්සලාගේ ශතකයත් සමඟ පානදුරට ලකුණු 163ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර කාන්තා පිලේ පියුමි වත්සලා නොදැවී වාර්තා කළ ලකුණු 119 සමඟ පානදුර කාන්තා පිල ලකුණු 163ක ජයක් වාර් තා කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පියුමි වත්සලා පන්දු 72කට මුහුණදී හතරේ පහර 17ක් හා හයේ පහරක් එල්ල කළාය. මෙය මෙවර තරග වාරයේ පිතිකාරිණියක් වාර්තා කරන ලද පළමු ශතකය ලෙසින් සනිටුහන් විය.

ඒස් කැපිටල් කාන්තා පිල හා කෝල්ට්ස් කාන්තා පිල අතර නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ක්‍රීඩාංගණයේදී හා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල හා එස්එස්සී අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක වර්ෂාව හේතු‍වෙන් අත්හැර දමන ලදී.

බීආර් සී පිල හා ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පිල අතර වැලිසර නාවික හමුදා ක්‍රිඩා පිටියේදී පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ නාවික හමුදාවට කඩුලු 10ක ජයක් හිමි විය. කුරුණෑගල යොවුන් කාන්තා පිල හා ටැමිල් යූනියන් අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් කුරුණෑගල යොවුන් කාන්තා පිල හිමිකර ගත්තේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල අතර කටුනායක ගුවන් හමුදා පිටියේදී පැවැති තරයේදී ගුවන් හමුදාවට කඩුලු 10ක ජයක් හිමි විය.

පානදුර කාන්තා පිල කඩුලු 3කට ලකුණු 248 (ඕවර් 28)

විමෝක්ෂා බාලසූරිය 32, නවෝද්‍යා නෙත්මිණි 20, පියුමි වත්සලා නොදැවී 119, එරන්දි වර්ණකුලසූරිය 36, අමාදි විජේසිංහ නොදැවී 13,අති‍රේක 28 (විබුද්ධී හිරන්‍යා 33/2)

ගාල්ල ක්‍රිකට් සමාජ කාන්තා පිල කඩුලු 7කට ලකුණු 37 (ඕවර් 22)

දිල්මි ආරියපාල 10,  අති‍රේක 17 ( සාවින්දි කුරේ 4/3)

නාවික හමුදාවට කඩුලු 10ක ජයක්

බීආර් සී කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 36 (ඕවර් 26.3)

එම්. යූ. එස්. පීරිස් 18, අතිරේක 8 ( තාරකා සෙව්වන්දි 6/2, ඉනෝකා රණවීර 6/2)

ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පිල කඩුලු 2කට ලකුණු 35 (ඕවර් 3.5)

හසිනි පෙරේරා නෙදැවී 16, ප්‍රසාදිනී වීරක්කොඩි නොදැවී 12

කුරුණෑගල යොවුන් කාන්තා පිලට කඩුලු 8ක ජයක්

ටැමිල් යූනියන් කාන්තා පිල සියලු දෙනා දැවී ලකුණු 59 (ඕවර් 38.3)

අනුෂ්කා සමන්මලී 10, වරුණි සුභාෂිණී 11, යෙනුලි සත්නදී 14, අතිරේක 17 ( ධනෝද්‍යා සෙව්මිණි 17/3, ධනුලි තෙන්නකෝන් 178/4)

කුරුණෑගල යොවුන් කාන්තා පිල කඩුලු 2කට ලකුණු 50 (ඕවර් 18.5)

අෂනි කෞෂල්‍යා නොදැවී 22,  අතිරේක 13 (නිමේෂා තරුණි 19/1)

ගුවන් හමුදාවට කඩුලු 10ක ජයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කඩුලු 4කට ලකුණු 134 (ඕවර් 34)

සඳුනි අබේවික්‍රමනොදැවී 58, චතුරාණී ගුණවර්ධන 12, දිලනි මනෝදරා 41, අති‍රේක 14 ( විහාරා සෙව්වන්දි 24/2)

බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල  සියලු දෙනා දැවී ලකුණු 32 (ඕවර් 19.1)

රශ්මි ‍නේත්‍රාංජලී 9 (ඉනෝෂි ප්‍රනාන්දු 9/4, ඕෂධී රණසිංහ  10/3)

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee