slc
logo
Home   |    News
ඔක්තෝබර් 25, 2024
මේ දක්ෂතා දිගටම පවත්වාගෙන යා යුතුයි – වනිඳු

sinhala editor

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් මේ වන විට දක්ෂතා අතර සිටිමින් සාර්ථක ප්‍රතිඵල පෙන්වන හෙයින් අවශ්‍ය වන්නේ මේ කුසලතාවයන් දිගින් දිගටම පවත්වාගෙන යාම යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයකු හා වත්මන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දෙවන එක්දින තරගයෙන් පසුව ප්‍රකාශ කළේය.

 මේ වන විට තමාට නැවතත් තුන් ඉරියව්වේම දක්ෂතා අතරට ඒමට අවස්ථාව ලැබී තිබීම පිළිබඳව සතුටට පත්වන බව කී වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක වු ඉදිරි ගමනක් යාමට සහය වීම තම අපේක්ෂාව බව ද කීය.

 වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංකගේ නායකත්ව ගුණාංග (දක්ෂතා) පිළිබඳව අදහස් දැක් වු වනිඳු හසරංග තමා පාසලේ (රිච්මන්ඩ්) අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට පාසලෙන් නික්ම යනතුරුත් ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේදීත් ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කර ඇතැයි කී වනිඳු හසරංග කණ්ඩායමේ සියලු ක්‍රීඩකයනගේ සහය මත චරිත්ට මේ ජයග්‍රහණ දිගින් දිගටම පවත්වාගෙන යාමට හැකියාවක් තිබෙන බව ද පැවසීය.

 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පල්ලේකැලේ දී මෙතෙක් පැවැති එක්දින සීමිත පන්දුවාර තරග දෙකම පහසුවෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදා වුයේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් දඟපන්දු හමුවේ දක්වන දුර්වලතා හොඳින් අවබෝධ කරගෙන අපගේ දඟපන්දු යවන්නන් දැක් වු දක්ෂතා සහ පසුව අපගේ පිතිකරුවන් අවස්ථානුකූලව ප්‍රදර්ශනය කළ දක්ෂ පිතිකරණයන් බව ද වනිඳු හසරංග කීවේය.

 “බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වේගයෙන් පන්දුවට පහරදිය හැකි දක්ෂ පිතිකරුවන් රැසක්ම සිටිනවා. අප සිදු කළේ ඔවුනගේ දුර්වලතාවයන් අවබෝධ කරගෙන අපගේ දඟපන්දු යැවීමේ බලඇණිය යොදවා තරග සාර්ථක කර ගැනීමයි. මේ වන විට අපගේ වේගපන්දු යවන්නන් ද හොඳින්ම පන්දු යවනවා. අවස්ථානුකූලව ඉදිරි තරගාවලියන්හි දී ඔවුන්ව යොදවාවි“.

“අපගේ ක්‍රිකට් කණ්ඩායම් මේ වන විට සියලු අංශ (එක්දින විස්සයි 20 සහ ටෙස්ට්) තරගාවලියන්හි ළඟ ළඟම දක්ෂතා පෙන්වා තිබීම සතුටක්. ඉදිරියේ එන ලෝක කුසලාන විස්සයි 20 සහ එක්දින සීමිත පන්දුවාර තරගාවලියන් දෙකට මුහුණදීමේ දී මේ වන විට අප පෙන්වන දක්ෂතා බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි“.

 “මේ වන විට මාගේ පැවැති ආබාධයන් සුව වී නැවත සුපුරුදු පරිදි යෝග්‍යතාවයෙන් ක්‍රීඩා කිරීමට ලැබී තිබීම සතුටක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවට පහරදීමේ පිතිකරණ ලැයිස්තුවේ ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට මා සූදානම්. මැද, අගපෙළ පිතිකරුවකු වුවත් මා හට කමක් නෑ. මට අවශ්‍ය වන්නේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර මව්බිමට ගෞරවයක් ගෙන ඒමයි“.

 “අපගේ කණ්ඩායමේ මඳ දුර්වලතාවයක් ලෙස දකින්නේ යම් තරගවලදී උඩ පන්දුවක් හෝ දෙකක් අතහැරීමයි. එම අංශ ද අප ළඟදීම සකස් කරගෙන ඉදිරියේ තවත් සාර්ථකවීමට අපට අවස්ථාව තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ දෙවන තරගයේ දී ඔවුන් පන්දුවට පහරදෙන විට ලකුණු 58කට කඩුලු අටක් දැවී තිබිය දී අප අතින් උඩපන්දු දෙකක් අත හැරී යාමෙන් ඔවුන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා පියනැඟුවා. එම උඩපන්දු අත හැරුනේත් දක්ෂතම පන්දු රකින්නන් වෙතින්. අපට මෙවැනි සුළු දුර්වලතා ළඟදීම පහසුවෙන්ම සකස් කරගත හැකි බව ද වනිඳු හසරංග කීවේය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar